පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක් Featured

Published in Gossip
Tuesday, 26 March 2024 09:57

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය සිකුරාදා (22) මහනුවරදී මාධ්‍ය හමුවේදි කළ මෙම ප්‍රකාශය මේ වන විට රටේ මෙන්ම ලෝකයේම දැඩි ආනෝදෝලනයකට ලක්වූ ප්‍රකාශයක් බවට පත්වී ඇත. ඊයේ දිනයේදී මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දීම සිදු කර තිබිණි.

මේ සිදුවීම සම්බන්ධයෙන් තමා පොතක් ලියමින් සිටින බවත් පසු කාලීනව එය දැනගැනීමට හැකි වන බවත් මෛත්‍රීපාල සිරිසේන තම හිතවතුන් පිරිසක් හා පවසා ඇත.

මේ සම්බන්ධයෙන් මුල් වරට ඔහු තොරතුරු ප්‍රකාශ කළැයි පැවසෙන්නේ පසුගිය මාර්තු මස 6 වන දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාත්‍යන්තර ලේකම් සජින් වාස් ගුණවර්ධනගේ පැලවත්තේ රත්නායක මාවතේ පිහිටි නිවසේදී තිබූ සාදයක දීය.

එම සාදයට බීබීසී ඇතුළු මාධ්‍ය කිහිපයකම නියෝජිතයින් ද සහභාගි වී ඇත. එහිදී ඔවුන් සමග සුහද කතාබහක නිරත වෙමින් සිටියදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තමන් පාස්කු ප්‍රහාරය සිදුකළ මහමොළකරු පිළිබදව දන්නා බවට ප්‍රථමව පවසා ඇත.

එම අවස්ථාවේදී මාධ්‍යවේදීන් ඔහු කවුරුන්ද යන්න පිළිබදව හිටපු ජනාධිපතිවරයා ගෙන විමසා ඇති අතර එය පැවසීමට නොහැකි බව මෛත්‍රීපාල සිරිසේන පවසා ඇති බව වාර්තා වේ.

"ඔහු ඇමෙරිකානු පුරවැසියෙක් ද ?" යනුවෙන් මාධ්‍ය නියෝජිතයින් හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කර ඇතැයි වාර්තා වේ.

එවිට මෛත්‍රීපාල හිටපු ජනාධිපතිවරයා එම ස්ථානයේ සිටි ඔහුගේ පුත් දහම් සිරිසේන මාධ්‍ය නියෝජිතයින්ට පෙන්වා පවසා ඇත්තේ "මම ඇත්ත කිව්වොත් මගේ පුතයි, මගේ පවුලේ උදවියට ජීවිත වලින් වන්දි ගෙවීමට සිදුවේවි " යැයි පවසා ඇති බවට ආරංචි මාර්ග සදහන් කරයි.

 -P.M

Last modified on Tuesday, 26 March 2024 13:02

Leave a comment

ld add copy

Latest News

අවසන් මහා රන්දෝලි පෙරහර අදයි

අවසන් මහා රන්දෝලි පෙරහර අදයි

හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස විරුදාවලිය ලත් ඓතිහාසික මහනුවර ඇසළ පෙරහර මහා මංගල්‍යයේ අවසන් මහා රන...

Connet With Us