ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

Published in Gossip
Monday, 25 March 2024 12:48

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

එහි දේශීය නියෝජිතයා වන අබාන්ස් සහ මැක්ඩොනල්ඩ් මවු සමාගම අතර ඇති වී තිබෙන ගැටළුවක් මත මෙම පියවර ගෙන ඇත.

මේ සම්බන්ධයෙන් අධිකරණ හමුවේ නීති කෘත්‍යක්ද සිදුවෙමින් ඇත.

තම මව් සමාගමේ ප්‍රමිතියට අනුව ආහාරපාන ලබාදීමටද ශ්‍රී ලංකා නියෝජිත සමාගම අපොහොසත් වීම සම්බන්ධයෙන් මෙම නඩු කටයුත්ත ක්‍රියාත්මක වෙයි.

ඔවුන් අධිකරණයෙන් ඉල්ලා තිබුණේ ශ්‍රී ලංකාව තුළ සිය සන්නාමයම යටතේ ආහාර අලෙවිය නවතා දමන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසය

මැක්ඩොනල්ඩ් සන්නාමය අයිති ඇමරිකානු සමාගම විසින්  ශ්‍රී ලංකාව මෙම සන්නාමය  යටතේ ව්‍යාපාර කටයුතු කරපු සමාගමට එරෙහිව නඩුවක් පවරලා.

මේ මව් සමාගම සඳහන් කරලා තිබෙන්නේ දේශීය අවන්හල් දොළහක් මැක්ඩොනල් සන්නාමය යටතේ පවත්වාගෙන ගිය ඒ සමාගමේ යම් යම් අඩුපාඩුකම් නිසා මේ ව්‍යාපාර කටයුතු ඉදිරියට ගෙන යෑමට අවස්ථාව දෙන්න එපා කියලා. එහිදී වාර්තා වන විදිහට අධිකරණය තාවකාලික වාරණයක් මේ සමාගමට පනවලා තිබෙනවා.

මැක්ඩොනල්ඩ් සන්නාසය යටතේ එතකොට ඔබට ඉදිරියේදී තාවකාලිකව යම්කිසි කාලසීමාවක් තුළ දී  මැක්ඩොනල්ඩ් අවන්හල් වලට ගොඩ වෙලා ආහාර භුක්ති විඳීමට අවස්ථාව ලැබෙන එකක් නෑ. සමහර විට සමහර විට මේ තත්ත්වය සමථයකට පත් කර ගැනීමට හැකියාව ලැබුණොත් අබාන්ස් සමාගම යටතේම මේවා නැවතත් ආරම්භ කිරීමට හෝ  වෙනත් සමාගමකට අයිතිය ලබා ගන්න පුලුවන්.

ලෝකය පුරා රටවල් 120 ක පමණ තියෙන 40,000 කට අධික මැක්ඩොනල්ඩ් රෙස්ටුරන්ට් අතරින් ලංකාවේ තියෙන්නේ 12 යි. ඒ 12 ම බාරව තිබුනේ, අබාන්ස් එකට

මැක්ඩොනල්ඩ් රෙස්ටුරන්ට් සමාගම පටන් ගන්නේ 1940 දී කැලිෆෝනියාවේ. . ඒ ඇමෙරිකාවේ Richard James Mcdonald සහ Maurice James Mcdonald කියන සහෝදරයන් දෙදෙනා විසින්. මේක ක්‍රමිකව දියුණු වෙලා ලෝකයේ සුප්‍රසිද්ධ fastfood chain එකක් බවට පත් වෙනවා.

ඉතිං මේ රෙස්ටුරන්ට් ජාලය බොහෝම ඉහළ පාරිභෝගික සේවාවක් සහ වේගවත් ආහාර සැපයුමක් වගේම සුවිශේෂි රසයක් පවත්වා ගෙන යෑම සම්බන්ධයෙන් හොඳ කීර්ති නාමයක් උරුම කර ගෙන සිටියා. මේ ආකාරයට global brand එකක් වෙන්න ඒ ඉහළ මට්ටමේ සේවා සැපයීම අත්‍යාවශ්‍ය කරුණක්.

නමුත් මෑතකදී ශ්‍රී ලංකාවේ මැක්ඩොනල්ඩ් රෙස්ටුරන්ට් තුල එම තත්ත්වය පහව ගොස් තිබුනා. මුල්ම කාලේ ඒ තත්ත්වය පවත්වා ගෙන ගියත් පසුවට එය ඔවුන්ට මගහැරී තිබුනා. විශේෂයෙන් කෝවිඩ් කාලේන් පස්සේ සහ ආර්ථික අර්බුදය නිසා මේ තත්ත්වය ඇති උනා කිව්වට කමක් නෑ.

මිනිස්සුන්ට වියදම් කරලා මැක්ඩොනල්ඩ් කන්න තරම් අමාරු වෙන කොට පාරිභෝගිකයන් සිය පරිභෝජනය අඩු කරන කොට සේල් එක බහිනවා. ඒ වගේම අලුතින් ඇති උන අවන් හල් මගීන් ඇති කරපු තරගයත් සුළු පටු නෑ. ඔවුන්ට හොඳ ගුණාත්මක සේවක පිරිසක් සොයා ගැනීමත් අමාරු උනා වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් මැක්ඩොනල්ඩ් වල වැඩ කරන්නේ ඉස්කෝලේ ඉවර වෙච්චි ගමන් වයසේ තරුණ ළමයි. වෙන රට වල නම් කැම්පස් පටන් ගන්න කම් පාර්ට් ටයිම් පැය ගාණට. නමුත් ලංකාවේ ගෙවන සුළු වැටුපට එවන් ගුණාත්මක මෑන් පවර් එකක් හොයා ගන්න බෑ. බොහෝ විට එම සුළු වැටුපට ආවේ ඈත පළාත් වල ළමයි. වතුකරයේ දුෂ්කර ජීවිත ගෙවපු පරම්පරා වල ළමයි. මේ පාරිභෝගික සේවය දෙන්න ඒ ළමයින්ව ගොඩක් පුරුදු කරන්න වෙනවා වගේම ඔවුන්ගේ ඇඳුමේ පැළඳුමේ, කතා කරන විදියේ, පිරිසිදු කමේ, දාන සපත්තුවේ ඉඳලා හදන්න ඕනේ. නමුත් මෑත කාලීනව මැක්ඩොනල්ඩ් රෙස්ටුරන්ට් වල බ්‍රෑන්ඩ් එකට නොගැලපෙන මට්ටමෙන් සේවකයන් බඳවා ගෙන තිබුනා. ඒක ඔවුන් ලබා දෙන සේවයේම දුර්වලතා ලෙස පේන්න තිබුනා. ඇත්තම කතාව නිසි පුහුණුවකින් තොරවයි මෙම සේවකයන් බදවාගෙන තිබුණේ.

ඒ වගේම ඔවුන්ගේ ඇතැම් තේරිම් ඉතා දුර්වල මට්ටමේ තිබුනා. සමහර රෙස්ටුරන්ට් වල ඉඳ ගන්න තියෙන පුටු වල පහසුව ගැන කිසිදු තැකීමක් කර තිබුනේනෑ. නිකම්ම තද ලෑල්ලක් මත ඉඳ ගැනීමට සළසා තිබුනේ රෙස්ටුරන්ට් වල නිකම් කාලය ගත කර ගන්න පිරිස අඩු කර ගන්න විය යුතුයි. එය මැක්ඩොනල්ඩ් කන්න එන මිනිස්සුන්ට වේදනාවක් උනාට සමාගම තෝර ගත්තේ පාරිභෝගිකයා ගේ පැත්ත නෙවෙයි, ඊට එරෙහි පැත්ත.

මේ ගුණාත්මක මානව සම්පතක් සොයා ගන්න බැරි වීම සහ එයට ගැලපෙන්න ගෙවන්න නොහැකි වීම මත සමස්ථ සේවා සැපයීමේ දුර්වලතා රාශියක් ආවා. ඒවා දැවැන්ත කළමනාකරණ දුර්වලතා ලෙස පේන්න ගත්තා. එය අවසානයේ ආහාර වල ගුණාත්මකභාවය සහ රසය වගේම ඒවා ලබා දෙන වේගය පවත්වා ගෙන යන්න බැරි මට්ටමට ආවා. ඉතිං අවසානයේ ඔවුන්ට මැක්ඩොනල්ඩ් රෙස්ටුරන්ට් franchise එක අහිමි වෙලා තියෙනවා.

තවමත් නිළ නිවේදන නැති උනාට, ඕක වෙළෙඳපොළ තත්ත්වය මත අපිට එන්න පුළුවන් නිගමන. බොහෝ විට ඇත්තම හේතු එළියට කියන එකකුත් නෑ.

මැක්ඩොනල්ඩ් ගියාට ආයේ එයි. වෙන සමාගමක් එක්ක එකතු වෙලා වැඩේ ආයේ පටන් ගනියි. බලමු කාවද ඔවුන් තෝරා ගන්නේ කියලා.

Last modified on Monday, 25 March 2024 13:01

Leave a comment

worky

worky1

ld add copy

Latest News

පළාත් කිහිපයක උෂ්ණත්වය අද යළිත් ඉහළට

පළාත් කිහිපයක උෂ්ණත්වය අද යළිත් ඉහළට

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, වයඹ සහ ඌව පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම්...

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us