ගෝඨාගේ පළිගැනීම් කොමිෂම රනිල්ට හා අනුරට එරෙහිව දුන් නිර්දේශ බල රහිත කරයි

Published in පුවත්
Tuesday, 26 March 2024 09:50

දේශපාලන පළිගැනීම් සොයා බැලීම සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ පත් කරන ලද ජනාධිපති කොමිෂම විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ජවිපෙ නායක අනුර කුමාර දිසානායක ඇතුළු අය සම්බන්ධයෙන් දෙන ලද නිර්දේශයන් බල රහිත කරමින් අභියාචනාධිකරණය ඊයේ (25) රිට් ආඥාවන් නිකුත් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහත්වරුන්ට අමතරව රහස් පොලීසියේ හිටපු අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර, හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, ජනාධිපති නීතිඥවරුන් වන ජේ.සී වැලිඅමුණ සහ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න යන මහත්වරුන් සම්බන්ධයෙන්ද දේශපාලන පළිගැනීම් සොයා බැලීමේ ජනාධිපති කොමිෂම විසින් කරන ලද නිර්දේශයන්ද බල රහිත කරමින් අභියාචනාධිකරණය අදාළ රිට් ආඥාව නිකුත් කළේය.

දේශපාලන පළිගැනීම් සොයා බැලීම සඳහා පත් කරන ලද ජනාධිපති කොමිෂමේ නිර්දේශයන් බල රහිත කරන රිට් ආඥාවන් නිකුත් කරන්නැයි ඉල්ලමින් ඔවුන් විසින් ගොනුකළ පෙත්සම් වල තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණය මෙම රිට්අඥාව නිකුත් කළේය.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්ධුල කරුණාරත්න විනිසුරුවරුන් වන ඩී.එම්.සමරකෝන් සහ ලපාර් තාහිර් යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ල අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ජවිපෙ නායක අනුර කුමාර දිසානායක රහස් පොලීසියේ හිටපු අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර, හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, ජනාධිපති නීතිඥවරුන් වන ජේ.සී වැලිඅමුණ සහ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න යන මහත්වරුන් ගොනු කරන ලද මෙම පෙත්සම්වල වගඋත්කරුවන් වශයෙන් දේශපාලන පලිගැනීම් සොයා බැලීමේ කොමිසමේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න හිටපු අභියාචනාධිකරණ විනිසුරු චන්ද්‍රා ජයතිලක සහ හිටපු පොලිස්පති චන්ද්‍ර පුනානදු මහත්වරුන් කර තිබිණී.

මෙම කොමිසම තමන්ට එරෙහිව කරන ලද නිර්දේශයන් බලරහිත කරන රිට් ආඥා නිකුත් කරන්නැයි ඉල්ලා පෙත්සම්කරුවෝ මෙම පෙත්සම් ගොනු කර තිබිණී.

මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව පෙත්සම්කරුවන්ගේ ඉල්ලීම් පිළගත් අධිකරණය අදාළ රිට් ආඥාවන් නිකුත් කළේය.පෙත්සමිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන ෆයිස් මුස්තාපා සහ ඉරාජ් සිල්වා යන මහත්තුරු පෙනී සිටියහ.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us