අතහැරණු මහවැලි කලාප සංවර්ධනය කර ජනතාවට ප්‍රතිලාභ ලබා දීමට පියවර

Published in පුවත්
Thursday, 21 March 2024 12:29

රට නවීන කෘෂි ආර්ථිකයක් කරා ගෙන යන ගමනේ දී, මහවැලි ව්‍යාපාරයෙන් අතහැරණු මහවැලි ඒ සහ බී කලාප කඩිනමින් සංවර්ධනය කර ජනතාවට එහි ප්‍රතිලාභ ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

මෙරට වාරි ඉතිහාසය තුළ සුවිශේෂී පරිවර්තනයක් සිදුකරමින් එදා ගාමිණී දිසානායක මහවැලි ව්‍යාපාරය ක්‍රියාත්මක නොකළා නම් අද රට සහලින් ස්වයංපෝෂිත කිරීමට නොහැකි වන බවත්, රටට අවශ්‍ය විදුලිය ලබා ගැනීමට නොහැකි වන බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

කීර්තිමත් දේශපාලනඥයකු වූ ගාමිණී දිසානායකගේ අසූ දෙවැනි ජන්ම දින සැමරුම ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්වූ අතර, එයට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

"ජේ. ආර්. ජයවර්ධන මහත්තයා විපක්ෂයේ සිටියදීත් කතා කළේ මහවැලි යෝජනා ක්‍රමය අවුරුදු 30ක් වෙනුවට අවුුරුදු 10කින් ක්‍රියාත්මක කරන්න කියලා. බොහෝ අය කිව්වා ඒක කරන්න බෑ කියලා. එතුමා හිතුවා ගාමිණීට තමා මේක කරන්න පුළුවන් කිව්වේ. මම කතාකරාමත් කිව්වා ගාමිණී ඉක්මනින් තීරණ ගන්නවා. ඉක්මනින් තීරණ ගන්නේ නැත්නම් මේ ප්‍රශ්නය විසඳන්න බෑ. බලන්න එතුමාට භාරදුන්න වැඩකටයුත්ත. ලංකා ඉතිහාසයේ තිබුණ සියලු වැව් හා සමාන වැව් 5ක් හදන්න කිව්වා. කොත්මලේ, වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ හා මාදුරු ඔය කියලා. 1989 වෙද්දි මේකේ වැඩ ඉවරයි. එතැනින් ලංකාවේ වාරි ඉතිහාසය සම්පූර්ණයෙන් වෙනස්වුණා. මේ කටයුත්ත නොකොරුවානම්, හාල්වලින් ස්වයං පෝෂිත නෑ. විදුලිබලය ලැබුණා. මං හිතන්නේ ගාමිණී දිසානායකට විශේෂ තැනක් තියෙනවා මේ රටේ ඉතිහාසයට."

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us