කන්කසන්තුරේ වරාය හදන්න ඉන්දියාවෙන් සහය. ලොකු මුදලකුත් ලැබෙයි 

Published in පුවත්
Thursday, 21 March 2024 12:17

ඉන්දියානු රජය විසින්, කන්කසන්තුරේ වරායේ පූර්ණ සංවර්ධන කටයුතු සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 61.5 ක ප්‍රධානයක් ලබාදීමට කැමැත්ත පළ කර ඇති බව වාර්තා වේ.

මේ බව පවසා ඇත්තේ ඉන්දියානු  මහකොමසාරිස්වරයා සහ වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා  අතර පසුගියදා අමාත්‍ය කාර්යාලයේදී  පැවති සාකච්චාවකදීය.  

මෙම සංවර්ධන වැඩපිළිවෙළ යටතේ වරාය තුළට විශාල නැව් සහ යාත්‍රා ඇතුළු කිරීමට මීටර් 7ක් පමණ වරාය පතුළ ගැඹුරු කිරීමට සහ නව දිය කඩනයක් ඉදි කිරීමට සැලසුම් කර ඇති බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර කලාපීය සහයෝගීතාවය පුළුල් කර ගැනීම මෙන්ම වැඩි සංචාරකයින් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා ඉන්දියාවේ පූර්ණ සහයෝගය ලබා දෙන බව ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා පවසා සිටියි.

වැඩිදුරටත් ඔහු ප්‍රකාශ කළේ , ඉන්දීය සංචාරකයින් සඳහා සුදුසුම ගමනාන්තය ශ්‍රී ලංකාව බව ඉන්දියානු රජය විසින් නම් කර ඇති බවයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us