ජාත්‍යන්තර වනාන්තර දිනය අද

Published in පුවත්
Thursday, 21 March 2024 11:06

ජාත්‍යන්තර වනාන්තර දිනය අදට (21) යෙදී තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ලොව පිහිටි සියලු වනාන්තර සහ වනාන්තරවලින් පරිභාහිරව පිහිටි වෘක්ෂ සම්පත්වල වැදගත්කම පිළිබඳව ජන සමාජය තුළ පවතින දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සෑම වසරකම මාර්තු 21 වනදා ජාත්‍යන්තර වනාන්තර දිනය ලෙස ප්‍රකාශයට පත්කර ඇත.

මෙවර ජාත්‍යන්තර වනාන්තර දිනයේ තේමාව වූයේ .“වනාන්තර හා නවෝත්පාදන” යි.

ඒ අනුව මෙම දිනයට සමගාමීව දිවයින පුරා පැළ ලක්ෂ10ක් ,වනාන්තර වලින් පරිභාහිරව සිටුවීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.

අද (21) ඇරඹෙන මේ පැළ සිටුවීමේ වැඩපිළිවෙළ වර්ෂය පුරා ක්‍රියාත්මක කිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.

එමෙන්ම ‘එක් ගෙවත්තකට එක් පැළයක්”තේමාව යටතේ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් කර වන ව්‍යාප්ති නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ එක් ගෙවත්තක එක් පැළයක් රෝපණය කිරීමේ වැඩසටහනක් ද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ජාත්‍යන්තර වනාන්තර දිනය නිමිත්තෙන් ක්‍රියාත්මක කරන වැඩසටහන් අතර වෙයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us