මෙම නියෝජිත පිරිස ශ්‍රී ලංකාවේ සංචාරයේ නිරත වුයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ Article IV උපදේශනය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට සහාය දක්වන වැඩසටහනේ දෙවන සමාලෝචනය සම්බන්ධයෙනි.
මේ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා වන දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘෘවර්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත මණ්ඩලයේ නියෝජ්‍ය ප්‍රධානී කත්යා ස්විරිඩ්සෙන්කා, නේවාසික නියෝජිත ආචාර්ය සරවත් ජහාන් යන අයවලුන් එක්ව තිබේ.
ඔවුන් සිය සංචාරය අතරතුර ආණ්ඩු පක්ෂ, විපක්ෂ දේශපාලන නියෝජිතයින් සහ මහ බැංකු නිලධාරීන් මෙන්ම තවත් රාජ්‍ය නියෝජිතයින් කණ්ඩායම් කිහිපයක් සමඟ ද සාකච්ඡා පවත්වා තිබේ.
සිය සංචාරයේ ප්‍රගතිය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් ඔවුන් අද (21) දින පස්වරුවේ නිකුත් කිරීමට නියමිතව ඇත.