අධික සූර්ය රශ්මිය ඉවසාගත නොහැකිව පුද්ගලයෙක් මිය යයි

Published in පුවත්
Thursday, 21 March 2024 12:48

දෙනියාය අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ පෝරඹ ප්‍රදේශයේදී පාපැදියෙන් යමින් සිටි අයකු පවතින දැඩි හිරු රශ්මිය දරා ගැනීමට නොහැකිව ඇදවැටී මියගොස් ඇතැයි අකුරැස්ස පොලීසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ විජේසිංහ දෙද්දුවගේ ධර්මසේන නැමති 72 හැවිරිදි සිව්දරු පියෙකි.

දීගල ප්‍රදේශයේ පැවති දානමය පිංකමකට සහභාගී වී යලි නිවස වෙත සිය බිරිඳ සමග පාපැදියෙන් ගමන් කරමින් සිට ඇති බවත් මද දුර පැමිණෙද්දී පාපැදියේ සුළං බැසීම නිසා බිරිඳ බස් රථයකට නංවා කිලෝමීටරයක පමණ දුරක් පා පැදිය තල්ලුකරගෙන දැඩි අව් රශ්මියේ පැමිණෙමින් සිටි අතරතුර මෙම මරණය සිදුව ඇතැයි මෙතෙක් කළ විමර්ශන වලදී අනාවරණය කර ගෙන ඇති  බව උසස් පොලිස් නිළධාරියකු පැවසීය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us