ඉදිරි ජනාධිපතිවරණය ගැන සාකච්ඡා වට තුනක්, රනිල්වත් යෝජනා වෙයි

Published in පුවත්
Wednesday, 20 March 2024 12:45

ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ සාකච්ඡා 3ක් පැවැත්වූ බව වාර්තා වේ.

එහි ජාතික සංවිධායක, බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි එම පක්ෂ කාර්යාලයේදී අද (20) පැවැත්විණ.

පළමු සාකච්ඡාව පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම සමග සහ දෙවැනි සාකච්ඡාව පොදුජන පෙරමුණේ හිටපු පාළාත් සභා මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් අද පවත්වා තිබේ. එ අතර තුන්වැනි සාකච්ඡාව වෘත්තීය සිමිති නියෝජිතයින් සමග පැවැත්වීමට සැලසුම් කර තිබේ.
මෙම සාකච්ඡා වලදී ඉදිරි මැතිවරණ වලදී පක්ෂය තරග කළ යුතු ආකාරය, ජනාධිපති අපේක්ෂකත්වය ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ඔවුන්ගේ මතය විමසීමට නියමිත බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ සඳහන් කළේ ය.
මේ අතර ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන බොහෝ මැති ඇමතිවරුන් පක්ෂ නායකත්වයට දැනුම් දී ඇතැයි වාර්තා වේ.
පක්ෂයේ තවත් පිරිසක් කියා සිටින්නේ ජනාධිපති අපේක්ෂකත්වය වෙනත් පුද්ගලයකුට ලබා දිය යුතු බවයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us