ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැමවිටම නිවැරැදි තීන්දුව ගන්නා බවද අමාත්‍යවරයා කීය.
ඉදිරි ජනාධිපතිවරණයේ දී ඊළග ජනාධිපතිවරයා ලෙස ඉදිරිපත් කරන්නේ කවුරුන්ද යන වග පක්ෂය විසින් තීරණය කරන බවද අමාත්‍යවරයා පැවසීය.
එමෙන්ම ජනාධිපතිවරයා ඉන්නේ පොහොට්ටුව සමග බවත් පොදුජන පෙරමුණ කාගේවත් පැති නොගන්නා බවත් සැවොම ඉන්නේ එක පැත්තක බවත් අමාත්‍යවරයා පැවසීය
ඇමති ප්‍රසන්න රණතුංග මේ බව කියා සිටියේ බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමකට අද (20) දින සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමිනි.