ලොවම මවිත කරමින් 2027 දී ටයිටැනික් යළි මංගල ගමන ඇරඹීමට සුදානම් වෙයි

Published in විදෙස්
Friday, 15 March 2024 08:42

කිසිදා ගිල්විය නොහැකි යැයි පැවසූ සුඛෝපභෝගී ටයිටැනික් නෞකාව පුද්ගලයින් 1500කට මරු කැඳවමින් 1912 වසරේ අප්‍රේල් 15 වැනිදා අත්ලාන්තික් සාගරයේ ගිලී ගියේ දැවැන්ත අයිස් කුට්ටියක ගැටී අනතුරට ලක්වීමෙනි.

ලොවම මවිත කරවමින් එම නෞකාවට සමාන පෙනුමැති නෞකාවක් නිපදවීමට පෙරමුණ ගෙන සිටින්නේ ඔස්ට්‍රේලියානු ජාතික ක්ලයිව් පාර්මර් නම් බිලියනපතියෙකි.

මීට වසර 10කට පමණ පෙර සිට මෙම සුවිශේෂී නෞකාව යළි නිර්මාණය කිරීමේ මෙහෙයුම ඇරඹුණි.

ටයිටැනික් ටූ නම් මෙම නෞකාව 2027 වසරේ දී ටයිටැනික් නෞකාව ගමන් කළ සදම්ප්ටන් වරායේ සිට නිව්යෝර්ක් බලා යාත්‍රා කරවීම ඔහුගේ සැලසුම වී තිබේ.

තට්ටු නවයකින් යුත් නෞකාව ඉදිකිරීමට ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 500 ත් බිලියනයත් අතර මුදලක් වැයකිරීමට නියමිතය.

මගීන් 2,345කට ගමන් කළ හැකි මෙම නෞකාවේ මංගල ගමන සඳහා පළමු පන්තියේ මැදිරිවලින් අඩක්ම මේ වන විටත් අලෙවි වීම විශේෂත්වයකි.

-P.M

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us