නීරුවතින් යන ජෝන් සීනාට පුවත් මැවුනාට දියුණු තරුණ ගොවීන් ගැන කතාවක් නැහැ

Published in පුවත්
Monday, 18 March 2024 11:55

ජෝන් සීනා නිරුවතින් ඔස්කාර් සම්මාන උළෙලට ගියාට සමහර මාධ්‍ය දුන් ප්‍රසිද්ධිය රටේ කෘෂිකර්මාන්තයේ ඉහළ ආදායම් ලැබූ තරුණ ගොවීන්ගේ හැකියාවන් ප්‍රවෘත්තිවලට ලැබෙන්නේ නැතැයි කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.

 අමාත්‍යවරයා මේ බව පැවසුවේ තුඹයා ලෙස ප්‍රසිද්ධව සිටින කේ. ඩබ්. චින්තක කුමාර විසින්  රන්මිණිතැන්න ප්‍රදේශයේ වගා කර ඇති අක්කර හයක එළවළු වගාව නිරීක්ෂණයට සහභාගී වෙමිනි.

ලාංකික  තරුණ පිරිස් නැවතත් කෘෂිකර්මාන්තයට පිවිසෙමින් සිටින අතර කෘෂිකර්මාන්තයට නව තාක්ෂණය හඳුන්වා දීමත් සමග තරුණ ආකර්ශනය ඉහල ගොස් ඇති බවද  අමාත්‍යවරයා එහි දී පැවසීය.

තුඹ කරවිල වගාවෙන්  රුපියල් මිලියන ගණනක් උපයා ඇති චින්තක කුමාර අනතුරුව  උඩරට හා පහත රට එළවළු ගොවිපළේ සාර්ථකව වගා කර තිබෙන අතර කැරට්, බීට් රූට්, සලාද කොළ මෙන්ම ගෝවා ද මේ වනවිට එහි වගා කර ඇත.

නව කෘෂි තාක්ෂණය උපයෝගී කර ගනිමින් අවම රසායනික  පොහොර හා කෘමිනාශක භාවිත කරමින් මෙහි එළවළු වගා කර තිබෙන අතර කාබනික පොහොර භාවිත කරමින් පරිසර හිතකාමී වගාවට යොමු වී තිබීම අගය කරන බව මෙම අවස්ථාවට සහභාගී වෙමින් කෘෂිකර්ම  අමාත්‍යවරයා පැවසීය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us