තව මාසයක් යන තුරු ජල ප්‍රශ්නයක් නෑ - ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය

Published in පුවත්
Monday, 18 March 2024 10:38

ජලය නොලැබීම හා අඩුපීඩන තත්ත්වයක් යටතේ ජලය ලැබීම්වලට අදාළව ලැබෙන පැමිණිලි සියයට 30කින් පමණ ඉහළ ගොස් ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (සංවර්ධන) අනෝජා කළුවාරච්චි කියා සිටියි.

උපරිම ධාරිතාවයකින් ජලය මුදාහැරිය ද ඇතැම් පාරිභෝගිකයින්ට ප්‍රමාණාත්මකව ජලය නොලැබෙන්නේ ජල ඉල්ලුම ඉහළ යාම නිසා බව ඇය පෙන්වා දෙයි. මේ වනවිට දෛනික ජල ඉල්ලුම සියයට දහයත් පහළොවත් අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව ද නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරිය පැවැසුවාය.

ඇය පෙන්වා දෙන්නේ ජනවාරි මාසයට සාපේක්ෂව මෙම මාසය වනවිට ජලය සම්බන්ධයෙන් ලැබෙන මෙම පැමිණිලි සංඛ්‍යාව ඉහළ ගොස් තිබුණ ද කිසිදු ජල සම්පාදන ක්‍රමයක් මේ වන තෙක් අත්හිටුවා නොමැති බවය. පවතින තත්ත්වය හමුවේ ජල සැපයුමට බාධා පැමිණ ඇත්තේ උස් බිම් ආශ්‍රිතව ජිවත්වන ජනතාවට මෙන්ම ජල සම්පාදන යෝජනා ක්‍රමවල අග සිටින ජනතාවට බවත් එම ජනතාවට දහවල් කාලයේ ජලය ලබාගැනීමට යම් ගැටලුවක් ඇති වුව ද රාත්‍රී කාලයේ ජලය ලබාගැනීමේදී ගැටලුවක් නොමැති බවත් ඇය කියා සිටියාය.

මෙරට සියලුම ජල සම්පාදන ක්‍රම කිසිදු ගැටලුවක් නොමැතිව මේ දිනවල ක්‍රියාත්මක වන බවත් තවත් මාසයක් පමණ යන තුරු ද ප්‍රමාණවත් ජල ධාරිතාවයක් ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සතුව ඇති බවත් අනෝජා කළුවාරච්චි වැඩිදුරටත් පවසා සිටියාය.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us