ජනපති ඇරැඹු Children of Gaza Fund සඳහා ලක්ෂ 58 ක් එකතුවෙයි

Published in පුවත්
Monday, 18 March 2024 10:13

ගාසා තීරයේ ගැටු­ම්ව­ලින් විප­තට පත්වූ­වන් වෙනු­වෙන් සහන සැල­සීම සඳහා ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහගේ අද­හ­සක් අනුව ආරම්භ වුණු “ගාසා හී ළමා අර­මු­දල (Children of Gaza Fund)”සඳහා මේ වන විට රුපි­යල් 57,73512 ක මුද­ලක් ලැබී තිබේ.

සිය­ලුම අමා­ත්‍යාංශ සහ රජයේ ආය­තන එක්ව මෙවර ඉෆ්තාර් සැම­රුම් පැවැ­ත්වීම සඳහා වෙන් කර තිබූ ප්‍රති­පා­දන මෙම අර­මු­ද­ලට ලබා දෙන ලෙසද රජය උප­දෙස් ලබා දී ඇත.

එමෙන්ම මේ සඳහා ජන­තා­වගේ දාය­ක­ත්ව­යන් ද අපේක්ෂා කරන අතර රාම­සාන් මාසය තුළ Òගාසා හි ළමා අර­මු­දල Ò සඳහා දායක වීමට කැමති පරි­ත්‍යා­ග­ශී­ලීන් වේ නම්, එම පරි­ත්‍යා­ග­යන් අප්‍රේල් මස 11 වැනි­දාට පෙර ලංකා බැංකුවේ (7010), තැප්‍රො­බේන් ශාඛාවේ (747) පිහිටි ගිණුම් අංක 7040016 වෙත තැන්පත් කර ඊට අදාළ ලදු­පත 077-9730396 වෙත Whatsapp හරහා යොමු කරන ලෙස ජනා­ධි­පති කාර්යා­ලය දැනුම් දී සිටියි.

කාගිල්ස් සමූහ ව්‍යාපා­රයේ සභා­පති රංජිත් පේජ් ගාසාහි ළමා අර­මු­ද­ලට පසු­ගිය 28දා රුපි­යල් මිලි­යන තුනක මුද­ලක් පරි­ත්‍යාග කළේය.

විප­තට පත් දරු­වන් සඳහා සහන සැල­සීම වෙනු­වෙන් ශ්‍රී ලංකා රජය විසින් එක්සත් ජාතීන්ගේ නිල නියෝ­ජි­තා­ය­තන හරහා පරි­ත්‍යාග ලබා­දී­මට අපේ­ක්ෂි­තය.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us