පාසල් දරුවන්ට විශේෂ දැනුම්දීමක්

Published in පුවත්
Monday, 18 March 2024 08:57

විවිධ ආර්ථික දුෂ්කරතා හමුවේ අධ්‍යාපනය ලබන පාසල් සිසු දරුවන්ට දිරියක් ලබාදීමේ අරමුණින් ශිෂ්‍යාධාර ලබාදීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත හා ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ මග පෙන්වීම යටතේ ජනාධිපති අරමුදල මගින් ක්‍රියාත්මක කරන ජනාධිපති අධ්‍යයන ශිෂ්‍යත්ව 2024/2025 වැඩසටහනට අයඳුම්පත් භාර ගැනීම අප්‍රේල් 01 වැනිදා දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන තිබෙනවා.

ජනාධිපති අධ්‍යයන ශිෂ්‍යත්ව 2024/2025 වැඩසටහනට අයදුම්පත් භාර ගැනීම සම්බන්ධව බොහෝ දෙනාගේ ඉල්ලීම මත මෙම දීර්ඝ කිරීම සිදු කර ඇත.

ජනාධිපති අධ්‍යයන ශිෂ්‍යත්ව වැඩසටහන පිළිබඳ සියළුම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් මගින් විදුහල්පතිවරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, ග්‍රාම නිලධාරීන් දැනුවත් කර තිබෙනවා.

මෙම ශිෂ්‍යත්ව වැඩසටහනට ඉල්ලුම් කිරීමට සුදුසුකම් සපුරා ඇති දරුවන්ගේ දෙමාපියන් හෝ භාරකරුවන් අදාළ පරිදි විමසීම් කර අයදුම්පත පාසලේ විදුහල්පතිතුමා වෙත භාර දෙන ලෙස ජනාධිපති අරමුදල දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා.

තවද අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් දැනටමත් ලබා දී ඇති උපදෙස් අනුව එක් එක් පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාව අනුව එම පාසලට ලබාදිය හැකි ශිෂ්‍යත්ව සංඛ්‍යාව අදාළ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා විසින් තීරණය කර තම කලාපයේ විදුහල්පතිවරුන් වෙත ලබා දීමට කටයුතු කරනු ඇත.

ඒ අනුව සියලුම පාසල්වල විදුහල්පතිවරුන් විසින් තේරීම් කමිටුවක් පත් කර 2024.04.01 දිනෙන් පසුව තම පාසලට හිමි ශිෂ්‍යත්ව ප්‍රමාණය අනුව ශිෂ්‍යත්වලාභීන් තෝරා ගැනීම සිදු කළ යුතු වේ.

පාසල් මගින් තෝරාදෙනු ලබන සුදුසුකම්ලත් ශිෂ්‍යත්වලාභීන්ගේ නාමලේඛනය, අයදුම්පත් සහ විස්තර අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ජනාධිපති අරමුදල වෙත යොමු කිරීමෙන් අනතුරුව 2024 අප්‍රේල් මස සිට ඉදිරි මාස 12ක කාලය පුරා මෙම ශිෂ්‍යාධාර මුදල් ගෙවීමට නියමිතයි.

කෙසේ වෙතත්, මේ සම්බන්ධව වැඩිදුර තොරතුරු ජනාධිපති අරමුදලේ නිල ෆේස්බුක් පිටුව වන www.facebook.com/president.fund ඔස්සේ ලබා ගැනීමේ හැකියාව පවති.

එම නිවේදනය පහතින්,

SHISHATHWAYA

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us