විපක්ෂ මන්ත්‍රීවරු කිහිපයක් ආණ්ඩුව සමග එක්වෙන ලකුණු

Published in පුවත්
Monday, 18 March 2024 08:20

කථානායකවරයාට එරෙහි විශ්වාසභංගය ජයග්‍රාහනය කරවීම සඳහා පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු මේ වන විට සාකච්ඡා ආරම්භ කර තිබේ.

ඒ අනුව කථානායකවරයාට එරෙහි විශ්වාසභංගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන හෙට (19) දිනයේ දී පාර්ලිමේන්තුවේ පිල්මාරුවක් සිදුවිය හැකි බව දේශපාලන අරංචි මාර්ග සඳහන් කළේය.

එම විශ්වාසභංග යෝජනාව හෙට දිනයේ දී විවාදයට ගැනෙන අතර එය අනිද්දා දිනයේ දීත් පැවැත් වේ.

අනතුරුව අනිද්දා පස්වරු 4.30ට යෝජනාව පිළිබඳව ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතය.

මෙම යෝජනාව ජයග්‍රහනය කර වීම සඳහා විපක්ෂයත් එය පරාජය කිරීම සඳහා ආණ්ඩු පක්ෂයත් මන්ත්‍රීවරුන්ගේ සහාය ලබාගැනීම සඳහා මේ වන විට රහස් සාකච්ඡා සිදුකරන බව වාර්තා වේ.

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරුන් කිහිපදෙනෙකුගේ නිල නිවාසවල මෙම සාකච්ඡා පවත්වා තිබේ.

මෙම සාකච්ඡා මේ වන විට සාර්ථක බව සඳහන් කරන ආණ්ඩු පක්ෂය විපක්ෂ මන්ත්‍රීවරු කිහිපදෙනෙකු ආණ්ඩුව සමග එක්වෙන බව සඳහන් කළේය.

කෙසේවෙතත් විපක්ෂයද විශ්වාසභංග යෝජනාව ජයග්‍රාහනය කරවීම සඳහා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා පැවැත්වුවද එම සාකච්ඡා එතරම් සාර්ථක නොවන බව වාර්තා වේ.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us