මාස 3කදී රු. මිලියන 8634 ක මත්ද්‍රව්‍ය අත්අඩංගුවට - දකුණු පළාතේ අද සිට විශේෂ මෙහෙයුමකුත්

Published in පුවත්
Monday, 18 March 2024 08:10

දකුණු පළාත කේන්ද්‍ර කරගනිමින් අද(18) සිට විශේෂ මෙහෙයුමක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පැවසුවේ, උපරිම ධාරිතාවයෙන් මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි.

ඒ සඳහා අවශ්‍ය සියලු සැලසුම් මේ වන විට සකස් කර අවසන් බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

දකුණු පළාත ආශ්‍රිතව වාර්තාවන සංවිධානාත්මක අපරාධ ක්‍රියා මැඩලීමේ අරමුණින් මෙම මෙහෙයුම ක්‍රියාත්මකයි ,

මේ අතර ජාත්‍යන්තරයෙන් බලපෑම් පැමිණියද මත්ද්‍රව්‍ය හා පාතාලය මෙරටින් තුරන් කරන තෙක් යුක්තිය මෙහෙයුම ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසයි.
අමාත්‍යවරයා ඒ බව පැවසුවේ, කිලිනොච්චි සහ මුලතිව් දිස්ත්‍රික්කවල ප්‍රජා පොලිස් කමිටු සාමාජික හමුවට එක් වෙමින් ය.

මාස තුනක් ඇතුළත යුක්තිය මෙහෙයුම හරහා රුපියල් මිලියන 8634 ක මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසයි.

පොලිස්පතිවරයා සඳහන් කළේ, මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත පුද්ගලයින්ගේ දේපොළ ද පොලිසිය භාරයට ගෙන ඇති බවයි.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us