ශ්‍රීලනිප නව සන්ධානයේ නායකත්වය කාටද?  

Published in පුවත්
Monday, 18 March 2024 12:16

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුලික කරගනිමින් ගොඩනැගීමට නියමිත නව සන්ධානයේ නායකත්වය සම්බන්ධයෙන් අර්බුදයක් මතුව තිබේ.

ඒ නව සන්ධානයේ නායකත්වය ලබාගැනීමට කැමැත්ත පළ කර සිටි හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සිය ස්ථාවරය වෙනස් කිරීමත් සමගය.


නව සන්ධානය පිළිබඳව සාකච්ඡා කිහිපයක් පසුගිය දින කිහිපය තුළ නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබේ.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම ද පසුගිය දා පක්ෂ මුලස්ථානයේ දී පවත්වා ඇති අතර එහිදී ද මෙම අර්බුදය සම්බන්ධයෙන් ද සාකච්ඡා වී ඇති බව සඳහන්ය.


කෙසේ වෙතත් නව සන්ධානයේ ඉදිරි ක්‍රියාමාර්ග සහ වර්තමාන ප්‍රගතිය පිළිබඳව මෙම සාකච්ඡාවේ දී දීර්ඝ ලෙස කරුණු හුවමාරු වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.


ඒ අනුව හිටපු ජනාධිපතිනිය සමග මේ සම්බන්ධයෙන් යළිත් වරක් සාකච්ඡා කිරීමට ද එම සාකච්ඡාවේ දී තීරණය වී තිබේ.


මීට අමතරව සන්ධානයේ දී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මෙන්ම ස්වාධීනව කටයුතු කරන බොහෝ පිරිසක් එක්ව කටයුතු කරන බැවින් ඒ අය දරන මතය සහ ස්ථාවරයන් පිළිබඳ සන්ධාන ගතව වැඩකටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බව සඳහන්ය

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us