ඒ,ශ්‍රී ලාංකීය පුරවැසියන්ගේ ඉඩම් අයිතිය තහවුරු කරන ජාතික ක්‍රියාන්විතය යන තේමාවෙනි.ඒ සමගම තරුණ ව්‍යවසායකයින් මිලියනයක් බිහිකිරිමේ ජාතික ක්‍රියාන්විතයට අදාල අයදුම්පත්‍ර ද ලබා දීමට නියමිතය.
ඊට අදාල දැනුවත් කිරිමේ පත්‍රිකා හා ඉල්ලුම්පත්‍ර ලබාදීමේ වැඩපිළිවෙළද අද ආරම්භ කරනු ලැබීය.
මෙහි පළමු අදියර යටතේ පවුල් දසදහසකට ඉඩම් ඔප්පු ලබාදීම පසුගිය දා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් දඹුල්ලේ දී සිදුකෙරුණු අතර මෙහි දෙවන අදියර යටතේ ලබාදීමට නියමිත සින්නක්කර ඉඩම් ඔපුප් සංඛ්‍යාව දසලක්ෂයකි.
එමෙන්ම තරුණ ව්‍යවසායකයින් බිහිකිරීමේ වැඩසටහන හරහා මිලියනයක ව්‍යවසායකයින් බිහිකරන අතර ඒ සදහා රාජ්‍ය අනුග්‍රහය ලබාදීමට ද නියමිතය.