මහ ධනපතියන් 100 කගේ රටවල් 45 ක සැඟවූ වත්කම් සොයයි

Published in පුවත්
Sunday, 17 March 2024 12:28

රටවල් 45ක් සමඟ ඇති පුළුල් ගිවිසුම් ජාලය හරහා, මෙරට ධනවත් පුද්ගලයන්ගේ හෙළි නොකරන බැංකු වාර්ථා සහ සැඟවූ වත්කම් හඳුනාගැනීම සඳහා කටයුතු කරන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) නිවේදනයක දැක්වේ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) රටේ බදු පරිපාලනය පිළිබඳ සාධාරණත්වය සහ විශ්වාසය යළි ඇති කිරීමේ ප්‍රයත්නයේ කොටසක් ලෙස ඉහළ ධනවත් පුද්ගලයන්ගේ බදු ගෙවීම් සහතික කිරීම සඳහා ඉහළ ධනවත් පුද්ගලයන්ගේ ඒකකය (High Wealth Individuals Unit -HWIU) නමින් ඒ වෙනුවෙන් කැපවූ කාර්යාලයක් පිහිටුවා ඇත. දස දෙනෙකුගෙන් යුත් මෙම ඒකකය, දෙපාර්තමේන්තුවේ විශාල බදු ගෙවන්නන්ගේ කාර්යාලයේ පිහිටා ඇත,

මෙහිදී පළමු පියවර ලෙස තෝරාගත් ධනවත් පුද්ගලයන් සංඛ්‍යාවක් සම්බන්ධ කරගනිමින් ඔවුන් සහ ඔවුන්ගේ උපදේශකයින් සමඟ එක්ව බදු වාර්තා ගොනු කිරීමේදී ඔවුන් යාවත්කාලීන බව සහතික කිරීමට කටයුතු කරන බව කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.ඒ.සේපාලිකා චන්ද්‍රසේකර එම නිවේදනය මඟින් කියා සිටියේය.

දැනට ඉහළ ධනවත් පුද්ගලයන් පිළිබඳ පැහැදිලි නිර්වචනයක් නොමැති බැවින්, IRD විසින් දේපල වෙළඳාම්, මූල්‍ය බුද්ධි ඒකක වාර්තා, බැංකු ගිණුම් විස්තර, ගිවිසුම් හවුල්කරුවන්ගේ තොරතුරු, විවිධ වැනි තෙවන පාර්ශ්ව දත්ත ඇතුළු අනෙකුත් දත්ත මූලාශ්‍ර සමාලෝචනය කරමින් වැඩිම වාර්තාගත ආදායමක් ඇති බදු ගෙවන්නන් 100 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් හඳුනා ගැනීමට සැලසුම් කරයි.

මේ අයගේ විශාල බදු නොගැලපීම් හඳුනා ගැනීමට HWIU හට උපකාර වන තොරතුරු වෙත ප්‍රවේශ වීම සඳහා දෙපාර්තමේන්තුව දේශීය හා ජාත්‍යන්තර සංවිධාන සමඟ සහයෝගයෙන් කටයුතු කරන බව ප්‍රකාශයේ සඳහන් වේ.

IRD බැංකු, මූල්‍ය බුද්ධි ඒකකය (FIU) සහ අනෙකුත් බදු පරිපාලනය අංශ, රටවල් 45ක් සමඟ ඇති පුළුල් ගිවිසුම් ජාලය හරහා ධනවත් පුද්ගලයන්ගේ බැංකු වාර්තා සහ හෙළි නොකරන වත්කම් හඳුනාගැනීම සඳහා සමීපව කටයුතු කරනු ඇති බව එම නිවේදනයේ දැක්වේ.

"මෙම නියැලීමේ ප්‍රවේශය හරහා, රට මුහුණ දී සිටින තීරනාත්මක සමාජ-ආර්ථික ගැටළු ජය ගැනීම සඳහා රජයේ ආදායම් එකතු කිරීමේ ප්‍රයත්නයන්ට සහභාගී වීමට සහ දායක වීමට ඔවුන්ගේ කැමැත්ත වැඩි කිරීමට අපි බලාපොරොත්තු වෙමු," එම නිවේදනයේ සඳහන් වේ.

දෙපාර්තමේන්තුව පැවසුවේ, මෙම කාර්යය ප්‍රගතියත් සමඟ සමාලෝචනය සහ අඛණ්ඩ අධීක්ෂණය සඳහා වෙනත් පුද්ගලයින් කණ්ඩායමට එක් කරන බවයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us