පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ පැරදුනේ විමල් වීරවංශ නිසා බව කඩුවෙල නගරධිපති ජී.එච් බුද්ධදාස මහතා පවසයි. අද දහවල් පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් රටින් පිටුවහල් කිරීම සම්බන්ධයෙන් ලබන 18 වැනිදා තෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය රජයට දැනුම් දී ඇත.

ජාතික ලොතරැයි මණ්ඩලයේ නව සභාපතිනිය ලෙස නීතිඥ ශ්‍යාමිලා පෙරේරා මහත්මිය ඊයේ (12)සිය රාජකාරී ආරම්භ කළාය. 51 වසරක් සපුරා ඇති ජාතික ලොතරැයි මණ්ඩලයට කාන්තාවක් සභාපති ධුරයට පත්වූ ප‍්‍රථම අවස්ථාව මෙයය.

පසුගිය රජය සමයේදී කොළඹ දිස්ත්‍රීක්කයේ පුද්ගලයින් 13 දෙනෙකු අතුරුදන් වී ඇති බවත්, හිටපු ඇමති මර්වින් සිල්වා මහතා විසින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නමද අදාළ කරගනිමින් කළ ප්‍රකාශය මත පදනම්ව වහා පරීක්ෂණයක් සිදු කරන ලෙස බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සුසිල් කි‍ඳෙල්පිටිය මහතා අද (13) රහස් පොලීසියෙන් ඉල්ලීමක් කර ඇත.

ෆේස්බුක් කියන දේ මේ වෙනවිට ලෝකේ හැම දෙනෙක් අතරම ප්‍රසිද්ධයට පත්වෙලා ඉවරයි. ඒ කියන්නේ ෆේස්බුක් ගිණුමක් නැති කෙනෙක් මේ වෙනකොට හොයාගන්නත් අමාරුයි.

ශ්‍රී ලංකාව ඉදිරි අනාගතයට යෑමට පෙර නිවැරදි කර ගත යුතු බොහෝ දේ තිබෙන හෙයින් ඒ සඳහා කාලය ලබාදී ජඅන්තර්ජාතික ප‍්‍රජාවගෙන් හා විශේෂයෙන් ජගත් මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා සිටින බව විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ඇමරිකාවේදී පැවසුවේය.

හෙද සේවාවේ වෘත්තීමය අයිතීන් තහවුරු කිරීම සඳහා රජයේ හෙද නිළධාරින්ගේ සංගමය සංවිධානය කළ සම්මේලනයේ දී හෙද සේවාවේ අභිලාෂයන් නව රජයේ ජනාධිපතිවරයා ඇතුළු ප‍්‍රධානින්ගේ අවධානයට ලක් කෙරිණි.

ලෝක ජනමාධ්‍ය ඡායාරූප තරඟයේ  ජයග්‍රාහකයින් පසුගියදා නම් කරනු ලැබුවා. මේ ඡායාරූප තරඟය සඳහා ඉදිරිපත් කෙරෙන්නේ  ලෝකයේ සමාජ දේශපාලනික, සංස්කෘතික, ක්‍රීඩා, පරිසර හා සංවේදී සිදුවීම්වලට අදාළ ඡායාරූපයි.

සීගිරි කාශ්‍යප යනු අපේ රටේ එක්තරා යුගයක තැනුණු දැවැන්තම චිත්‍රපටයකි. එම චිත්‍රපටය කෙළවර වූයේ එහි නිෂ්පාදකට ද ජීවිතයේ ඛේදජනක ඉරණමක් අත්පත් කර දෙමින් බව එකල පතල විය. පසුගිය වසරේ තිරගත වූ ඇහැළේපොළ කුමාරිහාමි නිෂ්පාදක ගයාන් රණධීර පසුගියදා සරසවියට ගොඩ වැදුණේ නිෂ්පාදකවරයකු හැටියට සිය චිත්‍රපටය පිළිබද අදහස් පළ කරන්නට අවසර දෙන මෙන් කාරුණික ඉල්ලීමක් කරමිනි. එයට ඉඩ ලබා දුන්නෙමු. මේ සම්බන්ධව සෙසු පාර්ශවයන්ගේ අදහස් පළ කරන ලෙස ද අපි දන්වා සිටිමු.

සියලුම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන් විශේෂ සාකච්ඡාවක් සඳහා අද(13)ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා තිබේ.

Connet With Us