News Items (18842)
යුක්‍රේන අර්බුදය පිළිබඳව තීරණාත්මක සාකච්ඡාවක් බදාදා පැවැත්වීමට නියමිතව තිබියදී ඊට පෙර දින නැඟෙනහිර යුක්‍රේනයේ රුසියන් හිතවාදී කැරලිකරුවන් සහ යුක්‍රේන හමුදාව අතර දරුණු සටන් ඇවිලී ගොස් තිබේ.
නෙත් FM ජඩමාධ්‍ය කෙරුවාවට උදුල්ගෙන් උත්තරක් (video)
රාජපක්ෂ පාලනයේ මැදිහත්වීමෙන් වැලිකඩ බන්ධනාගාරයේ සිදුකෙරුණු සිරකරුවන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතා ඇතුළු සිවිල් සමාජ ක්‍රියා කාරීන් 'සිංහල කොටි'ලෙස හඳුන්වමින් ඉතා නිර්ලජ්ජිත ආකාරයෙන් සිය මාධ්‍යය හසුරුවමින් සිටින 'නෙත් එෆ් එම්' ආයතන යේ ක්‍රියා කාරිත්වය සම්බන්ධයෙන් උදුල් ප්‍රේමරත්න මහතා ලංකාඩේලි වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කළේය. මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියා මාර්ගයක් ගන්නා බවද ඔහු පැවැසීය.
අමෙරිකාවේ නිළ සංචාරයක නිරතව සිටින විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා අද(12) අමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතා හමුවීමට නියමිතය.
පසුගිය රජයේ ප්‍රබල ඇමැතිවරයෙකු වූ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පවුලේ ව්‍යාපාරයක් වූ බව කියන වයඹ ඩිස්‌ටලරීස් සමාගමේ බලපත්‍රය අහෝසි කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව පෙරේදා (10 වැනිදා) කටයුතු කර තිබේ.
රගර් ක්‍රීඩක වසීම් තජවුඩීන්ගේ මරණය ගැන පරීක්ෂණ යළිත්
ශ්‍රී ලංකා ජාතික කණ්‌ඩායමට ක්‍රීඩා කළ ජනප්‍රිය රගර් ක්‍රීඩක වසීම් තජවුඩීන් මහතා මීට වසර 2 2/1 කට උඩදී අභිරහස් අන්දමින් ඝාතනය කර මෝටර් රථයට දමා ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්‌ඩායමක් විමර්ශන ආරම්භ කර ඇත.
දකුණු අප්‍රිකානු උප ජනාධිපති රමපෝෂා ශ්‍රී ලංකාවට
සංහිඳියාව සහ ප්‍රතිසංධාන ක්‍රියාවලියේ ප්‍රගතිය දැක ගැනීමේ අරමුණින් දකුණු අප්‍රිකානු උප ජනාධිපති සිරිල් රමපෝෂා (Cyril Ramaphosa) මහතා නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
යුධ හමුදා ප්‍රතිසංස්කරණවලට ජනාධිපති ගේ මැදිහත්වීම ඇරඹේ - නිලන්ත ඉලංගමුව
“ සුරක්ෂිත දේශ සීමාවකට වඩා සුරක්ෂිත හමුදාවක් වඩාත් හොඳය”
– බී. ආර්. අම්බෙඩ්කාර්
'අපි ජීවත්වෙන්නේ අර්බුදයට ගිය අධ්‍යාත්මයක් සහිත සමාජයක' - සත්‍යජිත් මාඉටිපේ
සත්‍යජිත් මාඉටිපේ නමැති සිනමාකරුවාගේ සම්ප්‍රාප්තිය සත් වසකින් ප්‍රමාද වූ එකකි. ඒ, දශකයකට කලින් වැඩ නිමකළ ඔහුගේ පළමු සිනමාපටය මහජන ප්‍රදර්ශනයට මුදාහැරීමේ සියලු ප්‍රයත්නයන් ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය විසින් සත් වසක් තිස්සේ අවුරා ලූ නිසා ය.
රජයේ සේවක වැටුපට 8000ක් දීමනාවක් මේ මස සිට..චක්‍ර ලේඛය නිකුත්වේ
අද දින(11) රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය නිකුත් කර තිබෙන 05/2015 චක්‍ර ලේඛනය අනුව මෙම මස සිට රජයේ සේවක වැටුපට රුපියල් 5000ක් දීමනාවක් එකතු කර ඇත.
එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් හා සන්ධානයේ හිටපු සෞඛ්‍ය ඇමැති තිස්ස අත්තනායක මහතා අද (11) අැප මත නිදහස් වූ මොහොතේ සිදු කළ ප්‍රකාශය අැතුළත් හඩ පටය පහතින්
