මුදල් අය කිරීම නීතිගත කළ චක‍්‍රලේඛයට අන්තරේ විරෝධය

Published in පුවත්
Wednesday, 11 February 2015 15:57

පාසල්වල අවිධිමත් ලෙස මුදල් අය කිරීම තහනම් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ චක‍්‍රලේඛයට විරෝධය පළ කර අන්තර්විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය පේරාදෙණිය, වයඹ සහ සබරගමු විශ්වවිද්‍යාලවල අද(11)උද්ඝෝෂණ සංවිධානය කර තිබුණි.

ඔවුන් පවසන්නේ පාසල්වල මුදල් අය කිරීම නැවැත්වීමට ගෙන ආ චක‍්‍රලේඛයෙන් සිසුන්ගෙන් ගාස්තු අය කිරීම නීතිගත කර ඇති බවය.

මේ සම්බන්ධව ඔවුන් නිකුත් කළ නිවේදනයේ මෙසේ සදහන්ය.

''නව තාවකලික ආණ්ඩුවේ අධ්‍යාපන ඇමති අකිල විරාජ් මහතා මාධ්‍ය සංදර්ශන පවත්වමින් කියා සිටියේ පාසල් වල සිදු කරන අනවශ්‍ය මුදල් අය කිරීම වහා නවතන බවයි. එසේ ප‍්‍රකාශ කරමින් 2015.1.28 වන දින ̃පාසැල් වල අවිධිමත් මුදල් අයකිරීම තහනම් කිරීම ලෙස නව චක‍්‍රලේඛයක් නිකුත් කර තිබේ. මෙම චක‍්‍රලේඛය මඟින් මෙතෙක් පාසල් තුල සිදු කල මුදල් එකතු කිරීමේ ක‍්‍රියාවලිය නීත්‍යානුකූල කර ඇත. මෙම ඊනියා චක‍්‍රලේඛයේ 5 වන වගන්තියෙන් පාසල් තුල අත්‍යවශ්‍ය මුදල් ලෙස නම් විදුලි බිල්, ආරකෂක හා දුරකථන බිල් ආදී හේතුන් වලට මුදල් එකතු කර ගත හැකි බව පවසා ඇත. 6 වන වගන්තියෙන් එම මුදල් අය කරගන්න විදිය පවසා ඇත. 7 වන වගන්තියෙන් මුදල් ගෙවීමට නොහැකි සිසුන්ට ග‍්‍රාම සේවක සහතිකයක් ඉදිරිපත් කර මුදල් නොගෙවිය හැකි බව පවසා ඇත. මෙමගින් පාසල් තුලම මුදල් අය කිරීම නිත්‍යානුකූල කර තිබේ.''

මෙම ඊනියා චක්‍ර ලේඛනය හකුළා ගන්නා තෙක් දිගින් දිගටම අඛණ්ඩව සටන් සිදු කරන බව අන්තර්විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us