ලංකාවේ 43 වැනි අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායකව එම තනතුරින් ඉවත් කිරීම සම්බන්ධයෙන් මීට දෙවසරකට පෙර ජාත්‍යන්තර ප්‍රජාවෙන් එල්ල වූ ප්‍රතිරෝධය ඔබට මතක තිබිය යුතුය.

ඉන්දියාවේ දූෂණ විරෝධී පක්ෂය හෙවත් ආම් අදාමි පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත් වූ අර්වින්ද් කෙජ්රිවාල් ආසන 70කින් ආසන 67ක් දිනමින් විශිෂ්ට ජයග්‍රහණයක් අත්පත් කරගෙන තිබේ.

ප‍්‍රංශ චිත‍්‍ර ශිල්පී පෝල් ගොගෑන් විසින් 1892 දී අඳින ලද When Will You Marry?) චිත්‍රයට ඩොලර් කෝටි 30ක මිලක් නියම වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ටහිටි දූපත්වාසී තරුණියන් දෙදෙනකු ඔහු සිතුවම් කැර තිබිණි. කටාර් රාජ්‍යෙය් කෞතුකාගාරයක තැන්පත් කිරීමට මිලදී ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දේශපාලන වශයෙන් අනාථවූවන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ සෙවණැල්ල හෝ ගෙනවිත් ගොඩයාමට උත්සහ කරන බව 'බල පෙරළිය සහ ජනතා අභියෝග' මැයෙන් ඊයේ (09දා) සවස අනුරාධපුර දී ජනතා විමුක්ති පෙරමුණ මගින් සංවිධාන කළ මහජන රැළියේදී අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කර සිටියේය.

ආබාධයකට ලක්ව තිබෙන ධම්මික ප්‍රසාද් වෙනුවට දුෂ්මන්ත චමීර ශ්‍රී ලංකා කණ්ඩායමේ ලෝක කුසලාන සංචිතයට එක්කිරීම සඳහා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ තරගාවලි තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමිවී තිබේ.

වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා‍ගේ මැතිවරණ ප්‍රකාශනය වු දින 100 වැඩපිළිවෙල සඳහා පක්ෂයේ සහය දක්වන නමුත් කිසිසේත් යු.එන්.පී. ය ගෙනයන වැඩපිළිවෙලට තම පක්ෂය සහය නොදක්වන බවත්, අපේ ජනාධිපතිතුමා එක්සත් ජාතික පක්ෂයට කඩේ යන ජනාධිපතිවරයෙක් නොවන බවත් විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා අවධාරණය කළේය.

ඇවන්ට්ගාඩ් ආරක්ෂක සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාට කෙටි කාලයක් සඳහා විදෙස් ගතවීමට අවසර ලබාදී ඇත.

මර්විනුත් CIDයේ

Published in පුවත්
Tuesday, 10 February 2015 14:04

මේ මොහොත වන විට හිටපු මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා රහස් පොලිසියට ගොස් සිටින බව වාර්තාවේ.

මේ දිනවල ෆේස්බුක් ඔස්සේ වෛරසයක් ලොව පුරා සීග්‍රයෙන් ව්‍යාප්ත වී තිබේ. Malware Trojan ගනයේ මෙම වෛරසයයට ලංකාවේ බොහෝ පිරිස්ද ගොදුරු වී ඇති බව වාර්තා වේ.

ස්මාර්ට් දුරකථනවලින් මහජන පැමිණිලි ඉදිරිපත් කිරීමට නව ඇප් මෘදුකාංගයක් හඳුන්වාදීමට කොළඹ මහනගර සභාව පියවර ගෙන ඇත.

Connet With Us