අර්වින්ද් කෙජ්රිවාල් දිල්ලිය දිනයි. ආසන 70කින් ආසන 67ක් ම.

Published in පුවත්
Tuesday, 10 February 2015 20:13

ඉන්දියාවේ දූෂණ විරෝධී පක්ෂය හෙවත් ආම් අදාමි පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත් වූ අර්වින්ද් කෙජ්රිවාල් ආසන 70කින් ආසන 67ක් දිනමින් විශිෂ්ට ජයග්‍රහණයක් අත්පත් කරගෙන තිබේ.

ආම් අදාමි පක්ෂය දිල්ලි ප්‍රාන්ත මැතිවරණයේදී භාරතීය ජනතා පක්ෂය අතුගා දැමීමට සමත්ව ඇත්තේ අගමැති නරේන්ද්‍ර මෝදි වෙත බලවත් පසුබැස්මක් ලබාදෙමිනි.

කෙසේ වෙතත්, පරාජයන් පසුව ආම් පක්ෂ නායකයා වෙත සුබ පැතීමට මෝදි අමතක කර නොමැත. නමුදු 2014 මහ මැතිවරණයෙන් පසුව මෝදිගේ ජනප්‍රියත්වය උරගා බැලූ දිල්ලි මැතිවරණයේදී ලැබූ මේ දැවැන්ත පරාජය කිසි ලෙසකින්මත් නොසලකා හැරිය නොහැකි එක්ක බව දේශපාලන විචාරකයෝ පවසති.

මීට පෙරද දිල්ලි ප්‍රාන්ත මැතිවරණය ජයග්‍රහණය කළ අර්වින්ද් දූෂණ විරෝධී පනත සම්බන්ධ ගැටලුවක් හේතුවෙන් සිය ප්‍රධාන අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය. නමුත්, ඔහු මෙවර පෙරටත් වඩා සිය ජනප්‍රියත්වය වැඩි කරගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.

Last modified on Tuesday, 10 February 2015 20:18

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us