අතුරුදහන්වුවන් පිළිබද සත්‍ය හෙළි කරන ලෙසත් සියලු දේශපාලන සිරකරුවන්ට ජනාධිපති සමාව ලබා දෙන ලෙස බල කරමින් මෙම විරෝධතාව පැවුත්විය.
මෙහිදි අදහස් දැක්වු නව සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා පැවසුවේ ජාතික විධායක සභාවේ සාමාජිකයෙක්වුවද තමන්ටත් ජනතාව වෙනුවෙන් මෙවැනි සටන්වලට සහභාගි වෙන බවත් පොලිසිය දේශපාලන සිරකරුවන් නොමැති බව පැවසුවද විශාල දේශපාලන සිරකරුවන් පිරිසක් තවම රැදවුම් කදවුරුවල සිටින බවත්ඔහු පැවැසීය.
එමෙන්ම වත්මන් ජනාධිපත්තුමා පවා එක්තරා කාලයක දේශපාලන සිරකරුව සිටි බවත්ව 71 වර්ෂයේ කලාක් මෙන් විශේෂ අධිකරණයක් පිහිටවා දේශපාලන සිරකරුවන්ට සමාව ලබා දෙන මෙන් ඉල්ලා සිටි ඒ මහතා පසුගිය කාලය පුරා අතුරුදහන්කරවුවන්ගේ පවුල්වලටද සත්‍ය හෙලි කරන ලෙස ඉල්ලා සිටියාය.’
උතුරේ සහ දකුණේ අතුරුදහන්වුවන්ගේ පවුල් වල සාමාජිකයින් පිරිසක්ද මෙම විරෝධතාවට සහභාලි වී සිටියහ.