දුමින්ද සීඅයිඩියේ පස්ස දොරෙන් පලායයි. Featured

Published in පුවත්
Wednesday, 11 February 2015 00:01

පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නිළධාරීන් ප‍්‍රශ්නකිරීමෙන් අනතුරුව මන්ත‍්‍රීවරයා එම ස්ථානයෙන් හොර රහසේම පිටත්ව ගියේය.

මෙම අවස්ථාව ආවරණය කිරීම සඳහා ඊයේ (10) පෙ.ව.10 සිට ප.ව. 6 දක්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ ප‍්‍රධාන දොරටු අසල මාධ්‍ය වේදී ‍රැසක් දුමින්ද සිල්වා මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමේ අපේක්ෂාවෙන් බලා සිටියහ.

නමුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ සිට පොලිස් මූලස්ථානය හරහා පිටතට යාමට තවත් මාර්ගයක් ඇති අතර මන්ත‍්‍රීවරයා එම මාර්ගය ඔස්සේ පිටවී තිබුණු බව පසුව දැන ගැනීමට ලැබිණි.

කෙසේ වුවත් එම මාර්ගය ඔස්සේ යාමටනම් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ ප‍්‍රධානියාගේ (DIG) අවසරය අවශ්‍ය බවද එහි සිටි පොලිස් නිළධාරියෙකුගෙන් දැන ගැනීමට ලැබිණි..


අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට පැමිනි දුමින්ද සිල්වාගේ පියාගේ සහ නීතීඥයන් දෙදෙනෙකු පහත ඡායාරූපයෙන් දැක්වේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මන්ත‍්‍රීවරයාගෙන් පැය 8කට ආසන්න කාලයක් වෙලේ සුදා විසින් හෙලිකල කුඩු ජාවාරම පිළිබඳව ප‍්‍රශ්න කිරීමකට ලක්කර ඇත.

කෙසේ නමුත් අද දින දුමින්ද සිල්වා මහත අත් අඩංගුවට ගනු ඇතැයි කසුකුසුවක් පැවැතියද එවැන්නක් සිදු වූයේ නැත. අප විසින් ඊයේ දිනයේදී වාර්තා කරනු ලැබුවේ දුමින්ද සිල්වා මහතා අත් අඩංගුවට ගැනීමට අදාල දේශපාලන බලධාරීන්ගෙන් නියෝගයක් තවමත් නොලැබුණු බව එම පරීක්ෂණ පවත්වන නිළධාරීන්ගෙන් දැන ගන්නට ලැබුණු බවය.

 

duminda-father

Last modified on Wednesday, 11 February 2015 00:04

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us