එම්.කේ.ඩී.එස් ගේ ආරක්ෂාවට කන්තලේ පොලීසියේ 28 ක් !

Published in පුවත්
Friday, 13 February 2015 11:48

ඉඩම් අමාත්‍ය එම්.කේ.ඩී.එස්.ගුණවර්ධන මහතාගේ ආරක්ෂාවට කන්තලේ පොලීසියේ නිළධාරීන් 28 දෙනෙකු හා ඇමැති ආරක්ෂක අංශයේ නිළධාරීන් 6 දෙනෙකු යොදවාගෙන ඇතැයි වාර්තාවේ.

පැවැති ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමැතිවරයකු සිටියදී ඔහුගේ ආරක්ෂාවට ඒ මහතාගේ නිවස අසල මහසෙන් මුරපොළට අනුයුක්ත කොට සිටි කන්තලේ පොලිස් නිළධාරීන්ව ඔහු මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දැක්වීමත් සමඟ ඉවත් කළ නමුදු නැවත කැබිනට් ඇමැතිවරයකු ලෙස දිවුරුම් දීමෙන් පසුව එම පිරිස නැවත ඇමැතිවරයාගේ සේවය පිණිස ගෙන්වා ගෙන ඇත. පසුව ඊට අමතරව තවත් පොලිස් නිළධාරීන් 7 දෙනෙකුද කැඳවා ඇති අතර මේ වන විට එම කණ්ඩායමේ 28 දෙනෙකු සිටී.

ඇමැති ආරක්ෂක අංශයේ 6 දෙනෙකුද ඔහු වෙනුවෙන් ලබාදීමට රජය ක්‍රියාත්මක වී ඇත. එහෙත් අප වෙත වාර්තාවන පරිදි මෙලෙස ඇමැතිවරයාගේ ආරක්ෂාවට යැයි කියමින් සිටින පොලිස් නිළධාරීන් විසින් සිය රාජකාරීය පසෙක තබා එළවළු පළතුරු වෙළඳාම ආදී පළාතේ සුළු ව්‍යපාරික කටයුතුවල යෙදී සිටි.

එමෙන්ම මෙම පොලිස් නිළධාරින් ගෙන් 5 ත් 7ත් අතර ප්‍රමණයක් ඇමැතිවරයාගේ ගම්පහ පිහිටි නිවසේ කටයුතු වෙනුවෙන්ද සතිපතා යවන බවද හෙලිවේ. එහෙත් ඒ නීතී විරෝධි කටයුත්තක් වන අතර එසේ ආරක්ෂාවට යොදවා සිටින නිළධාරීන්ව ඇමැතිවරයා ගේ වෙනත් කටයුතු වෙනුවෙන් යොදවා ගැනීමට පොලිස්පතිවරයාගේ අවසරය තිබිය යුතුය.

කෙසේ නමුත් ඇමැති නිවසේ ආරක්ෂාවට මෙතරම් පොලිස් නිළධාරීන් ප්‍රමාණයක් යොදවා ගැනීම ගැටළු සහගතය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us