ඒ අනුව අද පස්වරු 1.00 වන විට පොලිස් මූලස්ථානය වෙත වාර්තා කරන ලෙසට පොලිස්පතිවරයා විසින් සියලුම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වෙත දැනුම් දී ඇත.
අද පස්වරු 2ට මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
මීට අමතරව පොලිස්පති එන්.කේ.ඉලංගකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට පොලිස් මූලස්ථානයේ දී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට ද නියමිතය.
2014 වසරේ ප්‍රගති සමාලෝචනය සහ 2015 වසරේ ක්‍රියාකාරී සැලැස්ම සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ.