අතුරුදන්වූවන් සහ වගකිව යුත්තන් ගැන පරීක්ෂණයක් ඉල්ලා කි‍ඳෙල්පිටිය CID යේ

Published in පුවත්
Friday, 13 February 2015 13:42

පසුගිය රජය සමයේදී කොළඹ දිස්ත්‍රීක්කයේ පුද්ගලයින් 13 දෙනෙකු අතුරුදන් වී ඇති බවත්, හිටපු ඇමති මර්වින් සිල්වා මහතා විසින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නමද අදාළ කරගනිමින් කළ ප්‍රකාශය මත පදනම්ව වහා පරීක්ෂණයක් සිදු කරන ලෙස බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සුසිල් කි‍ඳෙල්පිටිය මහතා අද (13) රහස් පොලීසියෙන් ඉල්ලීමක් කර ඇත.

කොළඹ දිස්ත්‍රීක්කයේ ජීවත් වන පවුල් ගණනාවක සාමාජිකයින් මේ වන විට තමා හමුවී සිය දුක්ගැනවිලි පැවසූ බවත්, සිය ඥාතීන් සුදු වෑන් වලින් වලින් හෝ වෙනත් ක්‍රමවලින් පැහැරගෙන ගොස් ඇති බවත්, ඔවුන් කියා සිටි බව කි‍ඳෙල්පිටිය මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් නාම ලේඛනයක සඳහන් වෙයි.

එම නාමලේඛනයේ පහත සඳහන් පුද්ගලයින් 13 දෙනෙකුගේ හා පැහැර ගැනීමට තැත්කළ තවත් අයෙකුගේ නම් සඳහන් වේ.

01 - කස්තුරි ආරච්චිගේ ඇන්තනි

02 - මොහොමඩ් ඩිලාන්

03 - රජිව් නාගනාදන්

04 - විහ්වනාදන් ප්‍රදීප්

05 - මොහොමඩ් සාජික්

06 - රාමලිංගම් තිලකේෂ්වරම්

07 - ජනක ප්‍රභාත් දොඩම්පගෙ ගමගේ

08 - එම්.ඒ ප්‍රදීප් ක්‍රිෂාන්න

09 - එන්.ඒ පේමරත්න

10 - කැළුම් නිශාන්ත පීටර්

11 - ගයාන් ප්‍රියශාන්ත

12 - චමින්ද අනුර ජයලත්

13 - එම්.එස් මොහොමඩ් ෆාරුක්

14 - රවීන්ද්‍ර උදයශාන්ත - පැහැර ගැනීමට උත්සාහ කිරීම.

හිටපු ඇමති මර්වින් සිල්වා මහතා පසුගිය ජනවාරී 17දා රහස් පොලිසියට කළ පැමිණිල්ල අනූව හිටපු ආරක්ෂක ලේකම්වරයා සුදු වෑන් සංස්කෘතියේ කතෘවරයා ලෙස මාධ්‍ය ඉදිරියේ ඔහු අනාවරණය කළ බව පෙන්වාදෙන සුසිල් කි‍ඳෙල්පිටිය මහතා මේ ගැන කඩිනම් විමර්ශනයක් කරන ලෙස රහස් පොලීසියේ අධ්‍යක්ෂවරයාගෙන් ඉල්ලා සිටියි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us