News Items (18842)
අද රටේ විදේශ ඇමැතිවරයාවූවට වඩා මංගල කෙරෙහි අපගේ ගෞරවයක් එදා සිටම තිබිණි. ඒ ප්‍රතිපත්තිගරුක දේශපාලකයකු ලෙස ඔබ මේ දේශපාලන බිමේ තවමත් රැඳී සිටීමය. ඔබ ප්‍රාජතන්ත්‍රවාදියකු ලෙස අචලව නොබියව පෙනී සිටීමත් ඒ වෙනුවෙන් සටන් කිරීමත් නිසා මේ බිමෙන් ඒකාධිපති රාජපක්ෂ රෙජීමය පලවා හැරීමට හැකි විය. ඒ සටනේ ප්‍රධාන සෙන්පතියා වූයේ මංගල ඔබය. ඒ ගැන කිසිවකුට වාද කළ නොහැක.
රාජපක්ෂලාගෙන් බේරුනු මාධ්‍යවේදීන්ව යහපාලනයෙන් බේරගන්න බෑ කියලා
රාජපක්ෂවරුන් වෙතින් ජීවිත තර්ජනයට මුහුණ පා සිටියදී ජිවිත ආරක්ෂාව සඳහා නේපාලයට පලාගොස් එහිදී දේශපාලන රැකවරණ ලබාගෙන සිටි ශ්‍රී ලාංකීය මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුගේ ජීවිත නේපාලයේ වූ භූ කම්පනය හේතුවෙන් අනතුරට ලක්ව ඇත.
නේපාලයේ ඇතිවී තිබෙන භූ කම්පනයෙන් විපතට පත් වූවන්ට වෛද්‍යධාර රැගෙන ශ්‍රී ලංකා යුධ හමුදාවේ හා ගුවන් හමුදවේ වෛද්‍ය වරු පිරිසක් අද(26) උදෑසන ගුවන් හමුදාවට අයත් ගුවන් යානයකින් නීපාලයේ කත්මන්ඩු නුවර බලා පිටත් විය .
ඊයේ( 25)හම්බන්තොට අඟුණකොලපැලැස්සේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති හම්බන්තොට දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිත සම්මේලන උත්සව භූමියට නාමල් රාජපක්ෂගේ පෞද්ගලික ආරක්ෂක නිළධාරියකු පිස්තෝලයක් සමඟ ඇතුලුවීම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භකර ඇත.
පරාජිත හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ විසින් යාපනයේ කන්කසන්තුරයේ ඉදිකළ මාළිඟය යාපනය විශ්ව විද්‍යාලයට ලබාදෙන මෙන් ඉල්ලා සිටිමින් පසුගිය 22 වන දින මන්නාරම නගර සභාවේ මාසික රැස්වීමේදී යෝජනාවක් සම්මත කළ බව මන්නාරම නාගරික මන්ත්‍රී රත්නසිංහම් කුමරේස් ප්‍රකාශ කර ඇත.
උදයා නිදහස් නොකිරීම ‘යහපාලනය’ අවතක්සේරු කිරීමේ සැලසුමක් ද?
තිරිසන් සතුන් වැරදි කරයි ද නොකරයි ද යන්න නිගමනය කළ නොහැක්කේ උන්ගේ ලෝකයේ කිසිඳු නිර්නායකයක් නොමැති බැවිනි. උන් හැසිරෙන්නේ උනුන්ට ම ආවේණික වූ ජිවන රටාවන් අනුව ය.
මිලියන 4000ක ගැහිල්ලක්. යෝෂිත-සජින්වාස් මූල්‍ය අපරාධ ඒකකයට කැඳවයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ හා පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන ඉදිරි දින කිහිපය තුලදී මූල්‍ය අපරාධ විමර්ශන එකකට කැඳවනු ඇතැයි වාර්තාවේ. රජයට අයවියයුතු රුපියල් මිලියන 4000ක මුදලක් අයතා ලෙස පරිහරණය කළැයි ඔවුන්ට චෝදනා එල්ල වී තිබේ.
මැයි මස දෙවන දින අමරිකාවේ බලවත්ම රාජ්‍ය නිළධාරියා වන අමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයෙක් පැවැසීය.
මෙවර ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තේ මැයි පළමු වනදා එක්සත් ජනතා නිදහස් සන්ධානය මැයි රැළි දෙකක් පැවැත්වීමේ සූදානමින් පසුවේ.
නේපාලයේ ශ්‍රී ලාංකිකයන්ට අනතුරක් වී ඇති බව වාර්තා වී නෑ
දහසකට අධික ජීවිත විනාශයක් සමඟ නේපාලය මුහුණ දුන් මහා භූමිකම්පාව නිසා ශ්‍රී ලාංකිකයන් කිසිවකු අනතුරට ලක් වූ බවක් තවමත් වාර්තා වී නැතැයි කත්මන්ඩු නගරයේ සිටින ශ්‍රී ලංකා තානාපති ඩබ්ලිව්.එම්.සෙනෙවිරත්න පවසයි.
