මන්නාරම නගර සභාවේ මාසික රැස්වීම 22 වන දින නගරාධිපති එස්.ඥාණප්‍රකාශම්ගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇත. එහිදී නාගරික මන්ත්‍රී පිරින්දාවනනාදන් විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ විසින් ජාත්‍යන්තර මධ්‍යස්ථානයක් නමින් සිය පවුලේ පරිහරණය සඳහා ඉදිකරමින් තිබු කන්කසන්තුරය මාලිගය යාපනය විශ්ව විද්‍යාලයට ලබාදිය යුතු බව අවධාරණය කර ඔහු මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති අතර එය ඒකමතිකව සම්මත වී ඇත.