විවාදයට තුඩු දී තිබෙන CSN නාලිකාව විසින් මෙරට ක්‍රිකට් තරග විකාශන අයිතිය ලබා ගැනීම ඒ සඳහා රාජ්‍ය දෙපල අයතා ලෙස යොදා ගැනීම සහ එමඟින් ලැබූ ආදායමෙන් රජයට අයවිය යුතු බදු මුදල් නොගෙවා එම ආදායම් වෙනත් ව්‍යාපාර සඳහා යොදා ගැනීම ආදී චෝදනා රැසක් එල්ල වී ඇති අතර මෙහිදී රජයට අහිමි කළ මුදල රුපියල් මිලියන 4000 ඉක්මවන බව පැවැසේ. යෝෂිත රාජපක්ෂ CSN නාලිකාවේ හිමිකරුවකු වන අතර සජින් වාස් ගුණවර්ධන ඊට ආයෝජයන කර ඇතැයි පැවසේ.
එම නාලිකාව විසින් ඒ ආරම්බ කළ දින පටන් මේවන තුරුත් රජයට අය විය යුතු කිසිදු බදු මුදලක් ගෙවා නැත. මේ හේතුවෙන් පසුගිය අතුරු අයවැයෙන් එක්වරක් ගෙවන රුපියල් බිලියනයක බදු මුදලක් ගෙවීය යුතු බවට යෝජනා සම්මත වූවද . එම ආයතනය ඒ ගෙවා නොදමා ආයතනය පවතාගෙන යාම අත්හිටුවීමට තීරණය කරන ලදී.