අමරිකාවේ බලවත්ම නිළධාරියා වෙසඟේ ශ්‍රී ලංකාවට

Published in පුවත්
Sunday, 26 April 2015 08:29

මැයි මස දෙවන දින අමරිකාවේ බලවත්ම රාජ්‍ය නිළධාරියා වන අමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයෙක් පැවැසීය.

1972 වසරේ ජූලී මාසයේදී විලියම් පයර්ස් රොජර්ස් නම් අමරිකානු රාජ්‍ය ලේකම් වරයාගේ පැමිණීමෙන් පසුව එම තනතුර ලැබූවකු ශ්‍රීලංකාවට පැමිණෙන දෙවන අවස්ථාව මෙයය.

පැය 24 ක කාලයක් ශ්‍රී ලංකාවේ ‍රැඳී සිටීමට ජෝන් කෙරී මහතා අපේක්ෂාවෙන් පසුවන අතර එහිදී ජනාධිපතිවරයා හා අගමැතිවරයා සමඟ සාකච්ඡා කිරීමටත් විදේශ ඇමැතිවරයා සමඟ ඒකබද්ධ මාධ්‍ය හමුවක් පැවැත් වීමටත් නියමිතය.

එමෙන්ම වෙසක් පොහෝ දා වෙසක් තොරණ විවෘත කිරීමක්ද ඔහු අතින් සිදු වනු ඇත.

පසුගිය පෙබරවාරී දොළොස් වැනිදා විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතාගේ අමරිකානු සංචාරයේදී ඇමෙරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතා සමඟ විශේෂ හමුවක් ද සිදුවිය.

Last modified on Sunday, 26 April 2015 08:53

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us