නාමල්ගේ ආරක්ෂකයා ජනපති ඝාතනයට අරඇද්දාදැයි පරීක්ෂණ Featured

Published in පුවත්
Sunday, 26 April 2015 13:18

ඊයේ( 25)හම්බන්තොට අඟුණකොලපැලැස්සේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති හම්බන්තොට දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිත සම්මේලන උත්සව භූමියට නාමල් රාජපක්ෂගේ පෞද්ගලික ආරක්ෂක නිළධාරියකු පිස්තෝලයක් සමඟ ඇතුලුවීම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භකර ඇත.

ජනාධිපතිවරයා සහභාගී වන උත්සව හෝ ‍රැස්වීම්වල ආරක්ෂාව සම්පූර්ණයෙන්ම භාර පවතින්නේ ජනාධිපති ආරක්ෂක අංශයට වන අතර එවැනි අවස්ථාවල ඔවුන් පනවන ආරක්ෂක සීමාවෙන් මෙපිටට කිසිදු මන්ත්‍රීවරයකුට සිය පෞද්ගලික ආරක්ෂ නිලධාරීන් ආයුධ සහිතව ගෙන්වා ගැනීම සපුරා තහනම්ය. ඇමැති ආරක්ෂක අංශයටද එම සීමාව බලපවත්වන අතර කිසිදු පොලිස් නිලධාරියකුට හෝ ආයුධ සහිතව පැමිණිය නොහැක.

නාමල් රාජපක්ෂගේ ආරක්ෂක නිළධාරියා හමුදා කොප්‍රල්වරයකු බව හඳුනාගෙන තිබේ. ඔහු ජනාධිපතිවරයා සිටි උත්සව භුමිය අසලට යෑමට ගත් උත්සාහය විශෙෂ පොලිස් කාර්යබලකා සෙබළුන් විසින් වලක්වනු ලැබූ අතර ඔහුව පරික්ෂා කිරීමේදී ඔහු සතුව පිස්තෝලයක් තිබී හමුවී තිබේ.

මන්ත්‍රී ආරක්ෂකයන්ට ප්‍රභූ ආරක්ෂවේ විධිවිධානයන් නීති රීති සියල්ල සම්බන්ධයෙන් දැනුවත් කිරීම සිදුකර තිබියදී නාමල් රාජපක්ෂගේ ආරක්ෂකයා මෙලෙස පිස්තෝලයක් ‍රැගෙන නීති රීති උල්ලංඝනය කරමින් ජනාධිපතිවරයා අසලට පැමිණීමට උත්සහ කිරීම තුල ජනාධිපති ඝාතන සැලසුමක් තිබුණේද යන්න සැකයක් මේ වන විට ඇතිව තිබේ. එමෙන්ම එම ‍රැස්වීම අවස්ථාවේදී මහින්ද රාජපක්ෂගේ ආධාරකරුවෝ ඒ කඩාකප්පල් කිරීම සඳහාද දැඩි උත්සාහයක් දරනු ලැබීය.

Last modified on Sunday, 26 April 2015 13:36

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us