චීනය අමුතු අමුතු තරඟ වලට ගොඩක් ප්‍රසිද්ධයි. මේකත් අලුත් වගේම වෙනස් තරගයක්. චීනයේ ටයුවාන්හි වෙළද සංකීර්ණයක පැවති මෙම තරඟයේ විශේෂත්වය වූයේ දෑස් විවර කරගෙන හැකිතාක් කාලයක් මුහුණේ ඉරියව් වෙනස් නොකර ධ්‍යානයකට සමවැද සිටින අයුරින් සිටීමයි.

විදේශ කටයුතු අමාත්‍ය ගරු මංගල සමරවීර මහතාගේ ඇරයුමක් මත ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතා මැයි මස 02 සිට 03 වැනිදා දක්වා නිල සංචාරක් සදහා ශ‍්‍රී ලංකාවට පැමැණීමට නියමිතය.

මහජන බැංකුවේ 2014 වාර්ෂික වාර්තාව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා වෙත අද (28) පිළිගැන්වීය. ඒ සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා විසිනි.

විශ්වවිද්‍යාලවලට භික්ෂූන් බදවා ගැනීම් දැවැන්ත ලෙස කප්පාදු කිරීමට විරෝධය පළ කරමින් ජයවර්ධනපුර කැලණිය විශ්වවිද්‍යාලවල ආරම්භ කළ සත්‍යග්‍රහයට අදට දින 41 ක් ගතවී ඇත.ඒ අනුව කැලණිය විශ්වවිද්‍යාලයේ අඛණ්ඩ සත්‍යග්‍රහයයට බෞද්ධ හා පාලි සරසවි භික්ෂූන්ද එක්වී ඇත.

රුපියල් මිලියන සියයක රේගූ බදු වංචාවක්‌ හේතුවෙන් රේගුව විසින් රඳවාගෙන සිටින පුද්ගලික සමාගමකට අයත් තඹ කන්ටේනර් දෙකක්‌ නිදහස්‌ කරන ලෙස ඉල්ලමින් තමාට විරුද්ධව පළ වී ඇති මාධ්‍ය වාර්තා අසත්‍ය බව නියෝජ්‍ය ඇමැති සුජිව සේරසිංහ මහතා පවසයි.ඔහු මේ අදහස් පැවසුවේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද(28) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

පුරුෂ රූපලාවණ්‍ය ලෝලීන්ගේ ඇහිබැම හැඩ කිරීමෙන් සහ ඔවුන්ගේ ශරීර මත පච්ච කෙටීමෙන් වැළකී සිටින ලෙස ඉරාන කරනවෑමීන් වෙත අනතුරු හැඟවීමක් කර තිබේ.

 පසුගිය ජනාධිපතිවරණයේදී මෙන්ම ඉදිරි මහා මැතිවරණයේදී ද ජයග්‍රහණය කා සතු වියයුතු දැයි  තීරණය වනු ඇත්තේ තම පක්ෂයේ මතයට අනුව බව  වන්නි දිස්ත්‍රික් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයිකලතන් පවසයි. දෙමළ  ජාතික සන්ධානය මෙම තත්ත්වයට ලඟාවුවේ  විවිධ ජයග්‍රහණ සහ බාදක මධ්‍යයේ බවද ඔහු පවසා සිටී.

නේපාලයේ රැඳි සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් අද(28) දහවල් දිවයිනට පැමිණියේය. ඒ, ගුවන් හමුදාවට අයත් සී 130 දරණ ගුවන් යානයෙනි. භූ කම්පනයෙන් විපතට පත් නේපාල වැසියන්ට සහන රැගෙන මෙම යානය ඉකුත් ඉරිදා නේපාලය බලා පිටත්ව ගියේය.

මහනුවර නගරයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන ඩී.ජේ කුමාරගේ රුහුණු-කතරගම මහදේවාල‍යේ 11 වන බස්නායකවරයා ලෙස නිතරඟයෙන් තේරී පත්වී තිබේ.ඔහු ඉන්ධන පිරවුම්හල් හිමියෙකි.

පසුගිය කාලයේ වාර්තාවූ රහසිගත වධ කඳවුරු පිළිබද තොරතුරු ,අගමැති රනිල් විසින් ප්‍රතික්ෂේප කරද්දී , ඊ.පී.ඩී.පී පක්ෂයේ නායක ඩග්ලස් දේවානන්ද විසින් ,උතුරේ රැදවියන් පිලිබදව තොරතුරු ඉල්ලයි.

Connet With Us