News Items (18842)
බොක්සිං ඉතිහාසයේ පොහොසත්ම තරගය
මේවෙදර්-පැකියාඕ
‘සියවසේ සටන’ අදයි
වර්නන් ගුණසේකර
අමෙරිකාවේ අපරාජිත ෆ්ලොයිඩ් මේවෙදර් හා පිලිපීනයේ ජාතික වීරයෙකු වන මැනී පැකියාඕ අතර ඩොලර් මිලියන හාරසියයේ ‘සියවසේ සටන’ අද (2) ලාස් වේගාස් නුවර එම්.ජී.එම්. හෝටලය ඇතුළත පිහිටි ග්‍රෑන්ඩ් ගාඩ්න් බොක්සිං වළල්ලේදී පැවැත්වෙයි.
නිවාස සංවර්ධන අධිකාරිය හා නාගරික සංවර්ධන අධිකාරිය එක්ව, නිවාස හා ඉංජිනේරු සේවා හා පොදු පහසුකම් අමාත්‍යාංශය යටතේ පිහිටුවා තිබූ ‘ඕෂන් වීව් ඩිවෙලොපර්ස්’ සමාගමේ පසුගිය කාලයේ සිදු ව ඇතැයි කියන බරපතළ මූල්‍ය වංචා අක්‍රමිකතා රැසක් පිළිබඳව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය තොරතුරු අනාවරණය කරගෙන ඇත.
20 වන සංශෝධනය 19 වනදා, සම්මතයෙන් පසුව පාර්ලිමේන්තුව විසුරුවයි
නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දෙන 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මැයි මස් 19 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තාවේ.
ශ්‍රී ලංකාව සහ අමෙරිකා එක්සත් ජනපදය අතර තිබෙන ද්වීපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් දෙදින නිල සංචාරයක් සඳහා අමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතා අද (02) ශ්‍රී ලංකාවට පැමිණෙයි.
කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය,ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා ට මහින්ද රාජපක්ෂ අගමැති කිරීමට බලාගෙන සිටින මැරයන් පිරිසක්විසින් පහරදී තිබේ.
ජවිපෙ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා කොළඹ නිදහස් චතුරස්‍රයේ උපවාසයක් ආරම්භ කලේය.
ලංකාවට පැමිණෙන ඇමෙරිකන් රාජ්‍ය ලේකම් වරයාට ශ්‍රී ලංකාවේ දමිළ ජනතාව ගේ ගැටළුවලට විසදුම් සෙවීමට ඔබාමා වෙනුවෙන් පෙනී සිටින දමිළ සංවිධා නයෙන් බලපෑම් කෙරෙයි .
යුද්ධය අපිට ඉතිරි කරන්නෙ දුක වේදනාව පමණයි. දශක කිහිපයක කුරිරු යුද්ධයකට මුහුණ දීපු අපි ඒ බව නොදැන ඉන්න විදියක් නෑ.
මීටත් වඩා බකතපස්කාරයන් තවත් නම් සිටිය නොහැක. පාර්ලිමේන්තු සභා ගැබේ රතු විල්ලූද පොළොවේ වැතිරී, ගී ගයා, බූරු ගසා, කෝලමෙන් සැපක් ගත් ජනතා නියෝජිත පිරිසක්, සිය පරාජිත නායකයාගේ නාමයෙන් යැයි කියමින් මැදියම් රැය දක්වා නිදිවැරූහ. බැටළුවන් වෙනුවෙන් දිවි දීම යහපත් එඬේරාගේ සිරිතයි. මේ බැටළුවන් කෙළේ, පය පැටලී ප්‍රපාතයෙන් ඇදවැටුණු එඬේරා වෙනුවෙන් නිදිවරා සොටු සැලීමයි.
