විධායක ජනපති ක්‍රමය සම්පූර්ණයෙන්ම අහෝසි කළ යුතුයි -මාදුළුවාවේ සෝභිත හිමියෝ

Published in පුවත්
Friday, 01 May 2015 08:08

පාර්ලිමේන්තුවේදී සම්මත කරගනු ලැබූ 19 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයෙන් අප බලාපොරොත්තු වූ දේ ඉටු වන්නේ නැහැ. එනිසා මීළඟ මැතිවරණයෙන් පසු ස්‌ථාවර ආණ්‌ඩුවක්‌ පිහිටුවා එහි පාර්ලිමේන්තුව ව්‍යවස්‌ථාදායක මණ්‌ඩලයක්‌ ලෙස ක්‍රියා කරමින් විධායක ජනපති ක්‍රමය සම්පූර්ණයෙන්ම අහෝසි කෙරෙන නව ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කළ යුතු යෑයි සාධාරණ සමාජයක්‌ සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියෝ පැවසූහ.

19 වැනි සංශෝධනය සම්මත වූ පමණින් අපේ ව්‍යාපාරය අවසන් වන්නේ නැහැ. අපගේ මීළඟ සටන නව මැතිවරණ ක්‍රමයක්‌ ඇති කොට එය ක්‍රියාත්මක කරවා ගැනීම බව ද උන්වහන්සේ ප්‍රකාශ කළහ. කෝට්‌ටේ ශ්‍රී නාගවිහාරයේ ඊයේ (30 දා) පැවැති මාධ්‍ය හමුවකදී සෝභිත හිමියෝ මේ බව සඳහන් කළහ.

මෙහිදී තවදුරටත් අදහස්‌ දැක්‌වූ සෝභිත හිමියෝ

19 වැනි සංශෝධනය මගින් විධායක ජනපති ක්‍රමයේ බලතල යම් ප්‍රමාණයකින් හෝ අඩුවීම ගැන තමන් වහන්සේ තුළ ඇත්තේ නිරාමිස ප්‍රීතියක්‌ බව ද කීහ.

සෝභිත හිමියෝ මෙසේ ද පැවසූහ.

"පසුගිය කාලයේ අප සිටියේ හරිම අවදානමකින්. අපේ පන්සලට යන එන අය ගැන වාර්තා සීඅයිඩියට ගියා. දුරකථන ටැප් කළා. එදා අපේ උත්සාහය වැරදුණා නම් අප සියලුදෙනාම ඉවරයි".

මෙම දහනව වැනි සංශෝධනය සම්මතවීම ගැන දැන් හැම දෙනාම ලකුණු දාගන්න යනවා. කවුරු ලකුණු දාගත්තත් අපට කමක්‌ නැහැ. අපි අපේ යුතුකම ඉටු කළා.

මෙහිදී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් සෝaaභිත හිමියෝ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් නොකොට විධායක ජනපති ක්‍රමය අහෝසි කරන ලෙස තමන් වහන්සේ හිටපු ජනපතිගෙන් කිහිපවරක්‌ම ඉල්ලා සිටි නමුත් ඔහු එය ඉටු නොකළ බව ද කීහ.

මෙහිදී කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා අදහස්‌ දක්‌වමින් කියා සිටියේ 19 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය සම්මත වීමෙන් පසු ආණ්‌ඩුවේ ප්‍රතිසංස්‌කරණවලට විරුද්ධව කටයුතු කළ පිරිස්‌වලට දැන් ඒවා පිළිගැනීමට සිදුවී ඇති බවයි.

තැටිය රත්වී තිබෙන වෙලාවේ රොටිය පුච්චා ගන්නැයි සෝභිත ස්‌වාමින් වහන්සේ මීට පෙර ප්‍රකාශ කළා. ඒ තැටිය තවමත් රත්වී තිබෙන්නේ. ඒ නිසා එයින් නව මැතිවරණ ක්‍රමය නමැති රොටිය පුච්චා ගැනීමට දැන් අවස්‌ථාව පැමිණ තිබෙනවා. යනුවෙනි.

සාධාරණ සමාජයක්‌ සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු නීතිඥ රවි ජයවර්ධන මහතා අදහස්‌ දක්‌වමින් මෙහිදී කියා සිටියේ මාදුළුවාවේ සෝභිත ස්‌වාමින් වහන්සේ විධායක ජනාධිපති ක්‍රමයට එරෙහිව වසර ගණනක්‌ පුරා ගෙන ගිය සටන දැන් ජයග්‍රහණය කොට ඇති බවත් එමෙන්ම එහි සම්පූර්ණ ගෞරවය උන්වහන්සේට හිමිවිය යුතු බවකි.

divaina

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us