News Items (18842)
ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී දැන් පැවැත්වෙන ජාතික දැල්පන්දු සංගම් නිලවරණයේදී යසා රාමචන්ද්‍ර මහත්මිය එහි සභාපතිවරයා ලෙස තේරී පත්ව ඇති බව වාර්තා වේ. ඇය දැල්පන්දු ක්‍ෂෙත්‍රයේ අත්දැකීම් බහුල ක්‍රියාකාරිනියකි.
ශ්‍රී ලංකා පරිපාලන සහ වෘත්තීය ලේකම්වරුන්ගේ සංගමයේ(SLAAPS) 37වන සැමරුම සහ ජාත්‍යන්තර වෘත්තීය ලේකම්වරුන්ගේ දිනය සැමරීමේ උත්සවයක් පසුගියදා සිනමන් ලේක්සයිඩ් හෝටලයේදී පැවැත්විණි.
නේපාල ජනතාව හාරදහසකට අධික පිරිසකට මරු කැදවූ භුමිකමපාවෙන් පසු ,තවමත් සහන සේවා ළගා නොවූ ගම්මාන වෙත සහන සැලසීම සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව මැදිහත් වී ඇත.
විධායක ජනාධිපති ධුරය ඇති කළ එක්සත් ජාතික පක්ෂයම එහි බලතල ඉවත් කිරීමටත් කටයුතු කළ බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි.
මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්.ඒ.එස් වීරසිංහ සහ එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආර්.එම්.අමරකෝන් මහතාගෙන් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය මේවන විට ප්‍රකාශයක් ලබා ගනිමින් සිටින වාර්තාවේ.
හිටපු අගවිනුසුරු ශිරාණි බණ්ඩාරනයක මහත්මියට ජාතික සංවර්ධන බැංකුවේ (NDB)කිසිඳු බැංකු ගිණුමක් නැති බැවින් ඇය සියලු චෝදනාවන්ගෙන් නිදහස් කරන ලෙස අල්ලස් හා දුෂණ කොමිසමෙන් ජනාධිපති නීතිඥ නලීන් ලද්දුවහෙට්ටි ලෙස මහතා ඉල්ලා සිටියි.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මරා දැමීමට ඕස්ට්‍රේලියානු විරෝධය
ඉන්දුනීසියාව විසින් මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්දයෙන් චෝදනාවට ලක්ව සිටි ඕස්ට්‍රේලියානුවන් දෙදෙනා ඝාතනය කිරීම ඕස්ට්‍රේලියානු රජය තරයේ හෙළා දැක තිබේ.
ඇතැම්විට ක්‍රීඩකයන්ට වඩා විනිසුරුවරුන්ට ක්‍රිකට් තරගවලදී ගෙවීම් සිදුකරන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන සඳහන් කරයි. ඊයේ (28දා) ක්‍රිකට් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් දැක්වීය.
අත්අඩංගුවට ගත් හම්බන්තොට මහ නගර සභාවේ නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතා මහේස්ත්‍රාත් අධිකරණයට අද (29) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට (30) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත් ඉසුරු ශාන්තකුමාර මහතා නියෝග කළේය.
