News Items (18842)
නලින් ද සිල්වා මහින්දෝදයෙන් පමණක් සුරාන්තය ලබන්නේ ඇයි?-නිලන්ත ඉලංගමුව
මේ වන විට රටේ උද්ගත වී ඇති දේශපාලන කලබගෑනිය සුළුකොට තැකිය නොහැකිය. යමක් අහිමි වීම නිසා ඇතිවන වේදනාවත්; යමක සම්ප්‍රදායික දූෂිත පැවැත්මට එරෙහිව දේශපාලන බලය දෝලනය වන විට අදාළ දූෂිත සම්ප්‍රදායට පක්ෂපාති පුද්ගලයාට හටගන්නා උමතුවත්; ඇත්ත පෙනී පෙනී තමන්ගේ ස්ව-කුහකත්වය හේතුවෙන් එය බොරුවක් ලෙස දැක, තමන් තරම් කෙරුමන් ලෝකයේ කිසිම තැනක නොමැති බවට දකින මන්ද-බුද්ධික ස්වභාවයත් යන කොන් අතර මෙරට දේශපාලනය මෙන්ම මුළු රටම සිර වී තිබේ. ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයා ඉතාම ප්‍රවේශමෙන් සහ වඩාත් බුද්ධිමත්ව කළ යුතු ශල්‍යකර්මයේ පරාමිතිය දිවයන්නේද මේ ඔස්සේය. එබැවින් මේ මොහොත අතිශය තීරණාත්මක සහ සංවේදී වේ.
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ පසුපස පක්ෂයේ නායක අනුර දිසානායක විසින් ඔත්තුකරුවන් එවා ඇති බව එම පාර්ශ්වය ප්‍රකාශකයෙක් පැවැසීය.
බොඩිගාර්ඩ් ගාව තිබුණේ පිස්තෝලයක් නෙවෙයි වතුර බෝතලයක් - නාමල්
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගි වූ අඟුණකොළපැලැස්‌ස ශ්‍රීලනිප සමුළුවට තම ආරක්ෂක නිලධාරියා සහභාගී වූයේ වතුර බෝතලක් අතේ තබාගෙන බව හම්බන්තොට දිස්‌ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
ක්‍රීඩා හා සංචාරක අමාත්‍යාංශයේ සිදුවී ඇතැයි කියන අක්‍රමිකතාවන් සොයා බැලු ත්‍රිපුද්ගල කමිටු වාර්තාව රහස් පොලිසියට භාරදීමට ඇමැති නවීන් දිසානායක මහතා තීරණය කරයි. එම දූෂණ වංචා අපරාධ නීතිය යටතේ ක්‍රියාත්මක වීමට සාක්ෂි සහිත බැවින් නීතිපතිවරයාට හා මුල්‍ය අපරාධ පරීක්ෂණ කොට්ඨාසයටද යොමු කරන බව ඇමැතිවරයා පැවැසීය.
දින දෙකක් තිස්සේ පාර්ලිමේන්තුවේ විවාදයට ගෙන ඇති 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ තීරණාත්මක දිනය අද (28) වේ.
කොළඹ අපරාධ කොට්ඨාශයේ සහකාර පොලිස් අධිකාරීවරයකු හා පොලිස් පරීක්ෂක වරයකු පසුගියදා කොල්ලුපිටියේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවකට පැන එහි කළමනාකරුවා හා මිළ අධික රටබීම බෝතල් 16 ක් නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගත් බවට චෝදනාවක් එල්ල වී තිබේ.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ලබන ජූලි මාසයේදී සිදුවනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් වෙයි . මේ සඳහා එක්සත් ජාතික පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතිය හිමිව තිබේ.
නේපාලයේ රැදි සිටින ශ්‍රිලංකික මාධ්‍යවේදින් මෙරටට ගෙන්වා ගැනිමට ජනපතිතුමා සහ අගමැතිතුමා වහා මැදිහත්විය යුතුයි - PWJA
රාජපක්ෂ පාලන සමයේදී ජිවිත ආරක්ෂාව සඳහා නේපාලයට පලාගොස් එහිදී දේශපාලන රැකවරණ ලබාගෙන සිටි ශ්‍රී ලාංකීය මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුගේ ජීවිතය අනතුරට ලක්ව ඇත.
මාස 18 ක් තිස්සේ රුසියානුවන් 14ක් කොළඹ වරායේ හිරබත් කති
ශ්‍රී ලංකා වරාය බාරේ දැනට මාස 18ක් පුරා රඳවාගෙන තිබෙන රුසියානු ගවේෂණ යාත්‍රාවේ සිටින රුසියානුවන් 14 දෙනෙක් සම්බන්ධයෙන් ඉදිරිපත් කළ පැමිණිල්ලක් පිලිබඳ බලධාරීන්ගේ අවධානය යොමුව තිබේ. ‘Akademik Nikolay Strakhov’ නම් මෙම නෞකාව රුසියාවේ භූ විද්‍යාව පිළිබඳ විද්‍යා ආයතනයට අයත් වූවකි.
අධිකරණයේ ස්වාධීනත්වය ස්ථාපිත වීම, පොලිස් කොමිසම, මැතිවරණ කොමිසම, විගණන කොමිසම, ප්‍රසම්පාදන කොමිසම වැනි කොමිෂන් ස්ථාපිත කිරීම මගින් නිදහස් පාලනයක් ස්ථාපිත වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතා පවසයි.
