News Items (18842)
සීගිරියේ කුරුටු ගී වලට හානි කළැයි වරදකාරිය වී දෙවසරක සිරදඬුවම් ලැබ ජනාධිපති සමාව යටතේ නිදහස ලැබුවත් මුදාහැරීමට ලිඛිත නියෝගයක් නොලැබීම හේතුවෙන් අනුරාධපුර බන්ධනාගාරයේ රඳවාගෙන සිටි ද්‍රවිඩ ජාතික සින්නතම්බ් උදයශ්‍රී බන්ධනාගාරයෙන් නිදහස් කර තිබේ.
නේපාල භුමි කම්පාවෙන් විපතට පත් ඈත දුෂ්කර ප්‍රදේශ වල ජනතාව වෙත හදිසි සහනාධාර ලබා දීම ආරම්භ වී තිබේ. මේ අතර අවශ්‍ය සහන සැලසීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 415ක් ලබාදීමට එකසත් ජාතීන්ගේ සංවිධානය තීරණය කර ඇතිබව වාර්තා වේ.
ආණ්ඩුවේ කාර්යභාරය දින100න් ඉවර නෑ - රවී කරුණානායක(photos)
වත්මන් ආණ්ඩුවට කටයුතු කළ හැක්කේ දින සියයක කාලයක් පමණක් බවට ඇතැම් පාර්ශ්ව කියා සිටිය ද එහි කාර්යභාරය දින සියයෙන් අවසන් නොවන බව මුදල් අමත්‍ය රවී කරුණානායක මහතා පවසයි.19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්මත වීම ඊට කදිම නිදසුනක් බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.ලංකා හොස්පිට්ල්ස් හි නවීකරණය කරන ලද නව පිවිසුම් ශාලාව විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවේය.
උතුරේ මාධ්‍යවේදීන්ට සිදුවන මරණ තර්ජන පහරදීම්, හිරිහැර හා බලපෑම් නවතාලීමට කඩිනමින් පියවර ගන්නැයි දෙමළ ජාතික සන්ධානය, මහජන සාමය හා කි‍්‍රස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.
කොළඹ ජාතික රෝහලේ ගෙවන වාට්ටුවල රිමාන්ඩ් ගත කර සිටින දේශපාලන චූදිතයන් දීර්ඝ කාලීනව රැඳී සිටීමෙන් රෝගීන් දැඩි අපහසුතාවන්ට පත්වන බව වාර්තා වේ.
අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සමෘද්ධි මුදල් වංචනික ලෙස යොදවන බවත් ඒ සම්බන්ධව පරීක්ෂණයක් පවත්වන ලෙසත් ඉල්ලා බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ජගත් කුමාර මහතා ඊයේ (29) මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
ස්ත්‍රී දූෂණ හා ඝාතන චෝදනා එල්ලවී ඇති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සම්බන්ධීකරණ නිලධාරියෙකු හා ඔහුගේ කලා උපදේශකයා යැයි කියනු ලබන ලේක් හවුස් ආයතනයේ නියෝජ්‍ය කළමණාකාරවරයකු වූ සමන් දිසානායක නැමැත්තා විසින් ගීත රචකයෙකු හා සාහිත්‍යකරුවෙකු වන රවී සිරිවර්ධනට සිදුකරන ලද මරණීය තර්ජන කිරිම සම්බන්ධයෙන් සිදුකර තිබූ පැමිණිල්ලක් අද(29) අධිකරණය විසින් විභාග කිරීමෙන් අනතුරුව සමන් දිසානායක අත්අඩංගුවට ගන්නා ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය, පොලීසිය නියෝග කොට සිටියේය.
පත්තර ඇත්තටම කොළඹටම සීමා වෙලාද? ඒකනම් ටිකක් හිතන්න ඕනේ කාරණයක්. සිසිර යාපා අපේ ආදරණීය හිතවතාගේ ආරාධනයක් පිට අපි පසුගිය සතියේ දිනයක ගියා කොළඹ පත්තර කියවන ඒ අපූරු අවස්ථාව සියැසින් දැක ගන්න බොරලැස්ගමුවේ සිට ජාත්‍යන්තරය පුරා විහිදෙන Colombo Television මාධ්‍ය ආයතනයට.
ජැකලීන් ෆර්ඩිනැන්ඩස් කියන්නේ ශ්‍රී ලාංකික සම්භයක් ඇති මේ වනවිට බොලිවුඩයේ අතිශය ජනප්‍රියත්වයක් අත්කරගෙන සිටින නිළියක්.
මෙතෙක් පත්වූ සියලු ජනාධිපතිවරුන් ජනාධිපති බලතල ඉවත් කරන බවට බොරු පොරොන්දු දුන් බවත්, රට පාලනයට පෞරුෂයක් නැතැයි චෝදනා එල්ල වූ කෙසඟ සිරුරක් ඇති ගමෙන් ආ ගොවි පුතෙකු එය වෙනස් කළ බවත් කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා පැවසීය.
