එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් කරුණු දැක්වීම වෙනුවෙන් ජුනි 15 වැනිදා දක්වා කල් ඉල්ලා තිබේ. මීට පෙර මෙම ව්‍යාපෘතිය පිළිබඳ රජයේ ස්ථාවරය අභියාචනාධිකරණයට දැනුම්දෙන ලෙස නීතිපතිවරයාට නියෝග කර තිබූ අතර නීතීඥවරුන් අද ප්‍රකාශ කළේ ඊට අදාළ නියෝගය මීට දින දෙකකට පෙර නීතිපතිවරයාට ලැබුණු බවය.
එම නිසා ඒ පිළිබඳ කරුණු දැක්වීමට ජුනි මස 15 වැනිදා දක්වා කල් ලබාදෙන ලෙස ඔවුන් ඉල්ලා සිටියේය. ඒ අනුව අභියාචනාධිකරණය මෙම නඩුව එදිනට කල් තැබුවේය.