පත්තර තට්ටුවෙන් චන්ද්‍රිකාවට යන කොළඹ පත්තර

Wednesday, 29 April 2015 17:49

පත්තර ඇත්තටම කොළඹටම සීමා වෙලාද? ඒකනම් ටිකක් හිතන්න ඕනේ කාරණයක්. සිසිර යාපා අපේ ආදරණීය හිතවතාගේ ආරාධනයක් පිට අපි පසුගිය සතියේ දිනයක ගියා කොළඹ පත්තර කියවන ඒ අපූරු අවස්ථාව සියැසින් දැක ගන්න බොරලැස්ගමුවේ සිට ජාත්‍යන්තරය පුරා විහිදෙන Colombo Television මාධ්‍ය ආයතනයට.

අපි එතැනට යද්දි උදෑසන වැඩසටනට සියල්ල සූදානම්. කොළඹ පත්තර ගැන ලෝකෙට කියන්න හැඩ වැඩ වෙන්න පියුමන්දා ඒකනායක, සිසිර යාපා Make Up Room එකට ගිහින් හිටියේ.

අපි අහන්නත් කලින් සිසිර යාපා අපිට සියල්ල පැහැදිලි කළා. Studio එකට යන්න කලින් උපන් කැත යවා ගන්න අපි මෙතැනට එනවා. ඔහු තොරතෝංචියක් නැතුව කියව ගෙන ගියා.

සර් කවුද මේ පියුමන්දා සිසිර යාපාගෙන් ඇහුවා. මේ හිමාෂි නිශාන්ත. අපි ගැන ආර්ටිකල් එකක් කරන්න එන්න කිව්වේ. ඒක නෙමේ හරියට වැඩේ කරපං අද, නැත්නම් වැඩේ අල කියලා මුන් ගිහින් ලියාවි. ආදරණිය ඇනුම්පදයක්. හරි සර් මං ඉතින් වරද්දන්නේ නැහැනේ. Colombo Television එකේ හිතවතුන් කොච්චර ලැබැඳිද කියලා අපිට දැණුනේ ගිය විගසමයි.

Make Up Room එකේ කී දෙනෙක් ඉන්නවද මම එතැන හිටපු අයගෙන් ඇහුවා. අපි දෙන්නා. නම් දෙකත් කියන්නකෝ මම ආයෙම කිව්වා. නිමල් කරුණාරත්න, පියුමි කංචනා දෙන්නා තමයි. සිසිර යාපාගේ හඳුන්වාදීමට අනුව උපන් කැත මකලා දෙන දෙපළ.

ආයුබොවන් උපන් දේශයක අභිමානය Colombo Television සමග අපි අදත් කොළඹ පත්තර විස්තර රැගෙන...මේ විදිහට පියුමන්දා දවසේ වැඩසටහන ආරම්භ කළා. හැමදාම උදේට පත්තර විස්තර කියවන එක දැන් ෆැෂන් එක් වෙලා. ඒත් අපිට දැනුන විදිහට මේ පත්තර කියවිල්ල වෙනස්. සිසිර යාපාගේ දේශපාලනික අවබෝධයත් තිරය පිටුපස තාක්ෂණික ශිල්පීන්ගේ දක්ෂතාවයත් එක්ට එක්ව මේ පත්තර කියවිල්ල වෙනත් තැනකට රැගෙන යන්න සිසිර යාපාට හැකි වුණා.

දේශපාලන සංසිද්ධීන් අතීත වර්තමාන සහ අනාගතයේ වෙන්න පුලුවන් කියලා අනුමාන කළ හැකි සිද්ධීන් පවා පෙළගස්වමින් පත්තරේ ප්‍රවෘත්තියට වඩා වටිනාකමක් එක් කරන්න සමත් වෙන්නේ ඉතාමත් අපූරුවට.

කොළඹ පත්තර වල පුංචි විරාමයක් ලැබුණා විතරයි මමත් නිශාන්ත අපේ ඡායාරූප ශිල්පියාත් ඉක්මනින්ම Studio එකෙන් එළියට පැනගත්තා. ඒ ගෙදර දුවන්නනම් නෙමෙයි..
Studio එකේ කැමරා තුනෙත් වරින් වර පෙන්වන සිසිරගේත් පියුමන්දාගේ රූපය ලෝකයට ගෙනියන්න ලොකු වෙහෙසක් දරන්න කාමරයට, එයාලගේ භාෂාවෙන් කියනවනම් Control Room එකට යන්න. එතැන සිද්ධ වෙන ක්‍රියාවන් ඇස් දෙකෙන් දැක බලා ගන්න.

ඔයාගේ නමත් කියලම මෙතැන වෙන්නේ මොකක්ද කියලත් පොඩි පැහැදිළි කිරීමක් කරන්න පුළුවන් කමක් තියෙනවද?

Busy ද මම ඔහුගෙන් ඇහුවා. අනේ නැහැ. මගේ නම නම් අශාන් ප්‍රනාන්දු. මේ Control Room එක. Studio එකේ කැමරා තුනක් අපි දාලා තියෙනවා ඒ තුනෙක් ගන්න Shots මික්ස් කරන්නේ මෙතැනින්. මෙතැනින් මික්ස් කරලා අපේ අපේ තැන් වැනි තට්ටුවට Telecasting වලට යවනවා.

අපි ඊලඟට ගියේ News Room එකට. අරයගේ press එකක් තියෙනවා, මෙයාගේ press එකක් තියෙනවා හැමෝම උදේ මාධ්‍ය සාකච්ඡා සඳහා යන්න සූදානම් වෙනවා. අපිට නිවුස් රූම් එකෙන් කතා කරන්න ඉඩක් ලැබුණේ අංජලිකා කන්දගේ, වාසනා ලක්මාලි, දිනේෂා ලියනගේ එක්කලා විතරයි.

එතැනින් පස්සේ මමත් අපේ නිශාන්ත අයියත් සිසිර යාපාගේ පිටිපස්සෙන් වැටිලා ගයාන් සෙනරත් බණ්ඩාර හමුවෙන්න ගියා. ඔහු තමයි Colombo Television මාධ්‍ය ආයතනයේ වැඩසටහන් අධ්‍යක්ෂ. අපේ Television එකේ හැම වැඩසටහනකම වගකීම පැවරිලා තියෙන්නේ මට. ඔහු එහි සුවිශේෂී භූමිකාවක් උසුලනවා. ඒත් වෙනත් ආයතන වල දකින ප්‍රධානීන්ගෙන් ඔහු වෙනස් අයෙක්. තමන් යටතේ සේවය කරන Television එක ලෝකයට ගෙනියන්න වෙර දරණ අනෙකුන් සාමාජිකයින් හා එකට එක්ක එකම බත් මුල බෙදා හදන් කන ආයතන ප්‍රධානියෙක්. Colombo Television එක තුළ අපිට දැනුන විශේෂත්වයම එය කිව්වොත් මමත් නිශාන්ත අයියත් නිවැරදියි.

අපි එහෙනම් Photo එකක් ගමු නේද? නිශාන්ත අයියා ගයාන්ගෙන් ඇහුවා. වෙනස් එක්ක ගමු අපි. නිශාන්ත අයියා කියන කියන Position වලට ඔහු පෙනී හිටියා. රඟපාන්න තමා බැරි මල්ලි. වරෙක ගයාන් එහෙමත් කිව්වා.

හරි ගයාන් ඔයාලත් එක්ක ඉන්න හැමෝගෙම නම් ටික අපිට කියන්න පුළුවන්ද?

Sure විනාඩියක් ඉන්න. පියුමන්දා හැමේගෙම නම් ටික කියන්න ප්ලීස්.

Producer

සුජිත් රාජපක්ෂ
රවීන්ද්‍ර ගයාශාන්
විරාජ් හෙට්ටිආරච්චි
අසංක චාමර

Editor

කල්ල නාවුරුන්නගේ
නිරංජලා රසාදරී
නිලංග

Presenter
පියුමන්දා ඒකනායක
සම්පත් වේගිරිය

මේ අය තමයි පියුමන්දා අපිට කිව්වා.

මේ ඔක්කොම අතර ඔෆිස් එකේ තේ එකක් හදලා දීපු ආන්ටිව නම් අතක කරන්නම බැහැ. කොහොම හරි Colombo television එකේ ෂර්ලි සඳරුවන් ෂර්ලි තමයි කැමරා සහ තාක්ෂණික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂකවරයා. ඔහුත් ඉතාම සුවිශේෂි පුද්ගලයෙක්. Camera Crew එකේ කීදෙනෙක් ඉන්නවද? නම් දානවනම් හැමෝගෙම දාන්න කාව හරි මග හැරුනොත් හොඳ නැහැනේ. ඔහු අපිට කිව්වා. නාලක, සමුද්‍ර, තරිඳු, මහේෂ්, සුරංග, ශෙහාන්, ඉසුරු මේ අපේ සෙට් එක.

මේ අතර වාරයේ අපිට Channel Head ශ්‍රී අකලංක ජයසිංහ මහතා සමගත් කතා කරන්න අවස්ථාව ලැබුණා.

මොකක්ද මේ Colombo Television එකේ අරමුණ. මම ඔහුගෙන් අසා සිටියා.

ලංකාවේ සැටලයිට් චැනල් කිහිපයකම මං වැඩ කළා. ඒවගේ වැඩ කරද්දි මට තේරුම් ගිය දෙයක් තමයි අපි ආමන්ත්‍රණය කරන්න උත්සහා කරන විදේශ ගතව ඉන්න ශ්‍රී ලංකිකයින්ගේ හැඟීම් තේරුම් අරන් නෙමෙයි මේ චැනල් දුවන්නේ කියන කාරණය. අපි එකටම බලන්න ඔනේ අපි කතා කරන මිනිස්සුන්ගේ අවශ්‍යතාවය මොකක්ද කියලා. සිංහල කට හඬක් අහන්න හෝ අපේ කියලා කෙනෙක් දකින්න ලැබෙන්නේ සැටලයිට් නාලිකාවකින් විතරයි.

ඒ දේ අපි පළමුවෙන්න තේරුම් ගත්තේ නැතිනම් අපිට මේ මේ ගමන යන්නත් බැහැ. ඒ මිනිස්සු ආසාවෙන් Television බලන්න පටන් අරන් ඒවා අතරමග නවත්තලා දැම්මම ආයෙම ඒ මිනිස්සු ආයෙම තනිවෙනවා. අපි මේ හැම දෙයක්කම බලලා අද්දැකීම් වලින් ගත්ත අවබෝදයත් එක්ක තමයි Colombo Television පටන් ගත්තේ.

යුරෝපය, ආසියාව, මැදපෙරදිග රටවල් වල අපේ Television එක විකාශය කෙරෙනවා.

අපිට මේ අදහස් එක්ක දිගටම වැඩක් කරගෙන යන්න පුළුවන් පිරිසක් හමුවුණා. ඒ අතරින් අපේ සභාපති සුජීව ද සිල්වා මහතා සුවිශේෂයි. ඔහුට අපේ අදහස් තේරුම් ගන්න හැකියාවක් නොතිබුණානම් ඇතැම් විට Colombo Television මේ විදිහට නොතිබෙන්නත් තිබුනා.

අපේ අනුශාසක විදිහට කටයුත් කරන්නේ පූජ්‍ය ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේ. උන් වහන්සේත් රටවල් ගණනාවක සංචාරය කරලා ලැබුණ පන්නරයම අපේ සාර්ථකත්වයට හේතුවක් වුණා.

මේ විදිහට ඔහු හැම කෙනෙක් ගැනම පැහැදිලි කරද්දි ඔවුන්ගෙන් සමුගන්න කාලයත් එලැඹුනා.
Colombo Television එකට සමුදීලා ඔවුන් විසින් අප වෙනුවෙන් ගෙන්වා දුන් නැනෝ කැබ් එකක නැගිලා අපේ නවාතැන වෙතට ආවේ සුන්දර හෝරා කිහිපයක අවසානයක් සනිටුහන් කරමින්.

ඡායාරූප - නිශාන්ත ප්‍රියදර්ශන

සටහන - හිමාෂි කරුණාරත්න

Chairman

MD

GM

Sri-Akalanka-Jayasinghe

ColomboTelevtion 14

ColomboTelevtion 5

ColomboTelevtion 8

ColomboTelevtion 9

ColomboTelevtion 12

ColomboTelevtion 2

ColomboTelevtion 3

ColomboTelevtion 1

ColomboTelevtion 18

ColomboTelevtion 17

ColomboTelevtion 7

ColomboTelevtion 19

ColomboTelevtion 4

ColomboTelevtion 10

ColomboTelevtion 16

ColomboTelevtion 15

ColomboTelevtion 6

ColomboTelevtion 11

ColomboTelevtion 13

Leave a comment

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us