News Items (18842)
පස්පවුවලින් වැළකෙන බවට බෞද්ධයෝ උදේ සවස මතු නොව දහවලේ ද, අලුයම් කාලයේ ද පොරාන්දු වෙති. එහෙත් ඔවුන් ඉටු නොකරන්නේ ම එකී පොරොන්දුව යි. එම පොරොන්දු ඉටු කරන්නේ නම් මෙරට මතු නොව සමස්ත පෘථිවි තලය ම සුරපුරයකි; කිසිදු අවහිරයකින් බාධාවකින් තොර දිවියක් ගත කර නිවනට ම යා හැකි ය.
19 වැනි ව්‍යවස්ථාව සංශෝධනය ඉතා ඉක්මනින් සම්මත කරවා ගැනීම සඳහා කතෝලික බිෂොප් සම්මේලනය ඉල්ලා සිටී.
19 වන ව්‍යවස්ථා සංශෝධනයට සහාය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තීරණය කර තිබේ. ඊයේ (23)පස්වරුවේ රැස් වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාවේදී ඒ සදහා එකගතාව පළවී අැත.
දින 100 සාර්ථකයි - බිඳී ගිය විදෙස් සබඳතා යළි ශක්තිමත් වූවා
බිඳ වැටී තිබූ විදෙස් සබඳතා යළි ශක්තිමත් කර ගැනීමට හැකි වීම දින සියය තුළ කරනු ලැබූ සාර්ථකම කාර්යය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.ඔහු පෙන්වා දෙන්නේ, තමන් බලයට පැමිණෙන විට විදේශීය රටවල් රැසක් ශ්‍රී ලංකාව කෙරෙහි දැඩි වෛරයෙන් පසුවූ බවයි.
නීතිවිරෝධී සංක්‍රමණවලට එරෙහි යුරෝපා සංගමයෙන් නව සැලසුමක්
මධ්‍යදරණී මුහුද ඔස්සේ සිදුවන නීතිවිරෝධී සංක්‍රමණ වැළැක්වීම සදහා නව වැඩසටහනක් දියත් කිරීමට යුරෝපා නායකයින් තීරණය කර තිබෙනවා. ඒ අනුව නීතිවිරෝධී සංක්‍රමණික බෝට්ටු සම්බන්ධයෙන් සිදුකරන මෙහෙයුම් දැඩි කිරීමටයි ඔවුන් එකගතාව පළකර ඇත.
19 යනු, ගැලවෙන්ට ඔන්න මෙන්න කියා තියෙන කිරි දතක් වගේදැයි දැන් සිතෙන ගානයි. ඒ තරමට, විපක්ෂයේත්, ආණ්ඩුවේ ඇතැම් කොටස්වලත් විවිධාකාර මුරුගකම්වලට එය මුහුණදෙමින් සිටී. මැතිවරණ ක්‍රමයේ සංශෝධනයක්ද සමග එක විට ගෙන එන්නේ නම් මිස 19 ට ඡන්දය නොදෙමියි කියා පටන් ගත් විපක්ෂයේ විරෝධය, මේ වන විට, මහින්ද රාජපක්ෂගේ දූෂණ ගැන සොයා බැලීමට ගන්නා ප්‍රයත්නයත් 19 ට එරෙහි වීමට හේතුවක් කරගන්නා අදියරට පැමිණ ඇත.
හිටපු ජනාධිපතිවරයාට එරෙහිව ඇති චෝදනාවලට නීතිය ක්‍රියාත්මක කිරීමට ගත් උත්සහය පරාජය කිරීම සඳහා මහින්දවාදී මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු නිදිවර්ජිතව විරෝධතාවක් කළ පසුගිය 20 වැනිදා රාත්‍රියේ සභා ගැබ තුළ මත්පැන් පානය කර ඇත්ද යන්න පිළිබඳව පරීක්‍ෂණයක් පැවැත්වීමට ආණ්‌ඩු පක්‍ෂය තීරණය කර ඇත.
මිහින් ලංකා ගුවන් සේවා සමාගම සම්බන්ධයෙන් වූ ගනුදෙනුවක් පිළිබඳව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඊයේ (23 වැනිදා) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට කැඳවූ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එම ප්‍රකාශය ලබාදීම සඳහා මාස තුනක කාලයක් ලබාදීමට කොමිසම ඊයේ (23 දා) පියවර ගෙන තිබේ.
හදිසි මහ මැතිවරණයක් සඳහා සූදානම් වන ලෙස දිස්ත්‍රික් මැතිවරණ කොමසාරිස්වරුන්ට මැතිවරණ මහ ලේකම් කාර්යාලය විසින් දැනුම්වත් කර ඇතැයි වාර්තාවේ.
