‘‘ප්‍රභූ’’ සිරකරුවෝ නම් මනුෂ්‍යයෝ ම ය...! Featured

Friday, 24 April 2015 11:08

පස්පවුවලින් වැළකෙන බවට බෞද්ධයෝ උදේ සවස මතු නොව දහවලේ ද, අලුයම් කාලයේ ද පොරාන්දු වෙති. එහෙත් ඔවුන් ඉටු නොකරන්නේ ම එකී පොරොන්දුව යි. එම පොරොන්දු ඉටු කරන්නේ නම් මෙරට මතු නොව සමස්ත පෘථිවි තලය ම සුරපුරයකි; කිසිදු අවහිරයකින් බාධාවකින් තොර දිවියක් ගත කර නිවනට ම යා හැකි ය.

පස්පවු පිළිබඳ කියවෙන සිල්පද අතුරින් දෙවන සිල් පදයෙන් කියැවෙන්නේ අන්සතු වස්තුව සොරකම් කිරීමෙන් වළකින බව යි. එහෙත් මේ බෞද්ධ රටේ ගෙවී ගිය තත්පරයක් තත්පරයක් පාසා සොරකම් සිදුවූවා මෙන්ම එලඹෙන තත්පරයක් තත්පරයක් පාසා සොරකම් සිදුවන්නේ ය. සැබැවින් ම සිදුවනවා නොව සිදු කරන්නේ ය. එම සොරකම් අතුරින් විවිධ පුද්ගලයෝ විවිධ අවස්ථාවන්හි දී රුපියලේ සිට බිලියන ගණන් සොරකම් කරති. ඇතැම් අය හසුවෙති. තවත් සමහරු අසු නොවී සිටිති. තවත් සමහරු හසු නොවන ආකාරයට සොරකම් කරති. මේ අතුරින් සොරකම් කර අසු වුව ද තමා නිදොස් යැයි පවසා ලෙස්සා යති. මේ ආකාරයට ලෙස්සා යන්නන් අතර වැඩිපුර සිටින්නේ දේශපානඥයෝ ය; ඔවුන්ගේ සහචරයෝ ය; සට්ටැඹියෝ ය.

2015 ජනවාරි මාසයේ 8 වන දින පරාජයට පත්වූ දේශපාලනඥයන් සහ එම දේශපාලනඥයන් යටතේ සේවය කළ අය අතරින් බහුතරයක් සොරු ය; කම්බා හොරු ය; හොරුන්ගේ හොරු ය. මේ හොරු රැළ 2005 වසරේ සිට තම සොරකම වැඩිදියුණු කරගත්තෝ ය. අවසානයේ එය ජීවිතයේ දෛනික පුරුද්දක් බවට පත්කරගත්තෝ ය. මේ හොරු දිනපතා එක්වතාවක් හෝ වැසිකිළියටයට නොගිය ද කිහිප වතාවක් සොරකම් නොකර සිටින්නට නම් අමතක නොකළේ ය. මේ හොරකම් කොතෙක් දියුනුවෙන් දියුණුවට පත්වූවාද යත් ආරම්භයේ දී රාජ්‍ය ව්‍යාපෘති සඳහා 10% කොමිස් ලබාගත් රාජපස්සයෝ කුජිතව යන මොහොත වන විට 500% දක්වා කොමිස් ලබාගන්නට පෙලඹී සිටියහ.

යහපාලනය අරඹා දින සියය ඉක්ම යන්නට මත්තෙන් මේ හොරු නීතියේ රැහැනට කොටු කරගන්නා බවට එදා වත්මන් දේශපාලන නායකයෝ පොරොන්දු වූහ. එහෙත් කතාව දෝලාවෙන් ගමන පයින් කියන්නා සේ රටේ ජනතාවගේ ඇගට දැනෙන පරිදි හොරු නීතියේ රැහැනට කොටු කරගන්නා බවක් දක්නට නොලැඹුණි. කුජීතව ගිය දේශපාළුවෝ මෙය දඩමීමා කරගනිමින් ‘‘කෝ හොරු ඇල්ලුවාදැයි’’ කියමින් කෝචොක් කරන්නට වූහ. එහෙත් පාලකයෝ සහ අදාළ අංශ නිහඩව තම කාර්යයේ නියැළෙමින් සිටියහ. එහි ප්‍රතිඵලයක් වශයෙන් හිටපු ඇමතිවරුන්ගේ බිරින්දෑවරුන්ගෙන් ඇරඹි මෙහෙයුම අවසානයේ හිටපු ජනාධිපති දක්වා වර්ධනය විය.

හොරු අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමේ කූටප්‍රාප්තිය වන පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ අල්ලස් කොමිසම වෙත කැදවීමේ නියෝගය නිකුත් කළ සැණින් ‘‘කෝ හොරු ඇල්ලුවාදැයි’’ කටමැත දෙඩවූ දේශපාළුවන්ගේ දෙකොන රත්විය. එසේ රත් වූ දෙකොන ගිනි නොව තුන්කොන ගිනි ම නිවාගැනිම සඳහා මේ දේශපාළු හොරු රැළ පසුගිය දිනක උත්තරීතර යැයි උන්ම කියාගන්නා පාර්ලිමේන්තුවේ රැය පහන් කළේ ය. ඒ උපවාසයක නාමයෙන් හොද හැටි ආහාර පානාදියෙන් ද කාමසම්පත්තියෙන් ද සංතෘප්ත වෙමිනි. අවසානයේ සිදු වුයේ රටේ හැම පන්සලක් ගානේ ම ගොස් බෝධිපූජා තබන; ‘‘අනේ මාව අල්ලස් කොමිසමට ගෙනියනවෝ’’ කියමින් නහයෙන් අඬන පර්සි මහේන්ද්‍ර රාජපක්ෂගේ දෙපතුළ අබියසට ගොස් ප්‍රකාශයක් ලබාගැනීමට අල්ලස් කොමිසම එකඟ වීම ය. සැබැවින් ම මෙය මේ දේශපාලක හොරු රැළ ලද ජයග්‍රහණයකි.

ඒ ජයග්‍රහණයේ උණුසුම පහව යන්නටත් ප්‍රථම ගෝඨාභය නන්නදසේන රාජපක්ෂ ද අල්ලස් කොමිසම වෙත කැදවන නියෝගය ක්‍රියාත්මක් කරන්නට යෙදින. එහි දී, මේ දේශපාලක හොර නායකකාරාදින් ගේ පශ්චාත් භාගය වුව ද සඳුන් සුවඳ යැයි පවසන සුනඛ රැළක් අල්ලස් කොමිසම ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතවන්නේ අධිකරණ නියෝග ද තුට්ටුවකට මායිම් නොකරමිනි. ඊට පෙර දින පාර්ලිමේන්ත්ව අභියසට පැමිණි සුනඛ රැළ ද මේ ආකාරයෙන් අධිකරණ නියෝග නොතකා විරෝධතාවක නිරත වූහ. එහෙත් ඔවුන් පළවා හරින්නට ආණ්ඩුවේ බලධාරීන් ද උත්සාහ නොගත්තේ සරසවි සිසුන් මෙන් මේ සුනඛයෝ පොදු ඉල්ලීම් ඉල්ලා නොසිටි හෙයින් විය හැකි ය. එසේ නොවන්නට ඒ මොහොතේ පොලිසියේ මහත්වරුන්ට ද බොහෝ රාජකාරි යෙදෙන්නට තිබිණ. ඔවුන්ගේ බැටන් පොල්ලට ප්‍රාණවායුව ඇතුල්වන්නේ ද සරසවි සිසුන්, කම්කරුවන්, ධීවරයන් උද්ඝෝෂණය කරන්නේ නම් පමණි.

රාජපස්ස පරපුරේ තවත් පුරුකක් වූ '500%' දිවයිනට ගොඩ බසින්නේ ද මේ අතරවාරයේ ය. මේ රටේ බත් කන සුනඛයන් අතර අසූචි කන සුනඛයන් සිටින බව ප්‍රත්‍යක්ෂ වූයේ '500%' කටුනායක ගුවන් තොටුපළින් ගොඩබට මොහොතේ ය. ඔහු පිළිගන්නට පැමිණ සිටියේ ගුරුවරියක් දණ ගැස්ස වූ දේශපාලුවෙකි; කුඩු කන්ටේනර් තොග මෙරටට ගෙන් වූ දේශපාළුවෙකි; ගුවන්විදුලි සංස්ථාව ගඳ ගැස්සවූ හඩ්ඩෙකි; තම විමුක්ති සටන පාවා දී දේශපාළුවන්ගේ වරප්‍රසාද වරදාන ලබාගත් හිටපු එල්. ටී. ටී. ඊ. සාමාජිකයෙකි. හොරු අල්ලන්නැයි කටමැත දෙඩවූ මේ සුනඛ රැළ හොරු පිළිගැනීම සඳහා රැස්කකා, තෙරපෙමින් ‘‘අපේ නායකයාට ජයවේවා’’ යැයි උඩුබිරුවේ නායකයා පරාජය වූ බව දන්නා නිසා ය; යළිත් දිනවන්නට ඇත්නම් හොද යැයි අදහස් කළ නිසා ය. මේ සුනඛ රැළ දැක '500%' ද, '500%' දැක සුනඛ රැළ ද, ‘‘ෆුල් ෆන්’’ ගත් බව නම් හොඳටම පැහැදිලි ය. අවසානයේ සිදු වූයේ මේ සුනඛ රැළ සිහිනෙකින් හෝ නොපැතූ සිදු වීමකි. එනම් '500%' අධිකරණයට ඉදිරිපත් කොට අනතුරුව අත්අඩංගුවට පත්වීම ය.

යහපාලන ආණ්ඩුවේ නිරුවත පෙනෙන්නට පටන් ගන්නේ එතැන් සිට ය. මන්ද සාමාන්‍ය ගැටකපන්නෙකු අසු වව ද ඔහු බන්ධනාගාර ගත කළ හොත් ඍජුවම යොමු කරන්න බන්ධනාගාරයේ වාට්ටටුවක් වෙත ය; නිදාගන්නට ලැබෙන්නේ සිමෙන්ති පොළොවේ ය; ආහාරයට ලැබෙන්නේ කල්දේරම් බත ය; නාගන්නට මුහුණකට සෝදාගන්නට ජලය ලැබෙන්නේ සීමිතව ය; හදිසි අසනිපයක් වූ විට බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීම සඳහා ද විශාල අරගලයක් කළ යුතු ය. නමුත් "500%" වැනි ‘‘ප්‍රභූ’’ හොරු කිසිවකුට මේ නීතිය අදාළ නොවන්නේ ය. මෙය ඊයේ හෝ අද පමනක් සිදු වු අකටයුත්තක් නොවේ. අප දන්නා ඉතිහාසය පුරා ම ‘‘ප්‍රභූ’’ යැයි නාමකරණය වූ ඕනැම පුද්ගලයකු අත්අඩංගුවට පත් වූ වහාම බන්ධනාගාර රොහල වෙත පිටත් කර හරී. අනතුරුව රජයේ රෝහලක හෝ පුද්ගලික රෝහලක ලැගුම් ගනී. සාමාන්‍ය පුද්ගලයකු බන්ධනාගාර ගතවූ විට හිසේ ඇම්මට පෙරසිටිමෝල් පෙත්තක් ගෙන්වා ගැනිමට අපහසු වුව ද මෙබදු දේශපාළු හොරුන්ට දිව බොජුන් වැළඳීමේ වරප්‍රසාදය හිමි වේ. මෙය වහා වැළැක්විය යුතු ප්‍රවණතාවකි.

‘‘සිරකරුවෝ ද මනුෂ්‍යයෝ ය’’ යනුවෙන් වැලිකඩ සුවිසල් පවුරේ සදහන් වැකිය සාධාරණ ය; සැබෑ ය. එහෙත් බන්ධනාගාරය තුළ නැත්තේ ම එය ය. තිබේ නම් ඒ ‘‘ප්‍රභූ’’ යැයි නාමකරණයට ලක්වූවන්ට පමණි. යහපාලන සමයේ දී හෝ මෙම ප්‍රවණතාව වළකාලන්නට අදාළ බලධාරින් කටයුතු නොකරන්නේ නම් බන්ධනාගාර තුළ නොසන්සුන්තාවක් ඇතිවීම නොවැළැක්විය හැකි බව ආණ්ඩුවේ ඉහළ තනතුරු දරන්නෝ සහ අදාළ බලධාරියෝ සිහි තබාගත යුතු ය.

ජයසිරි අලවත්ත This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Leave a comment

Gossip

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර...

Connet With Us