ඇය මෙරටට පැමිණ ඇත්තේ මෙරට රජයේ විශේෂ ඉල්ලීමකට අනුවයි.
මෙම විශේෂ පරීක්ෂණය සිදු කිරීමට හේතුවී ඇත්තේ පසුගිය පෙබරවාරි මස ගවේෂණනාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර එකමුතුව(ICIJ) මගින් හෙළි කළ පරිදි ශ්‍රී ලාංකිකයන් 92 ගේ රහසිගත ගිණුම් 129ක් පමණ ඇති බව අනාවරණය වීමත් සමඟයි.
ඔවුන් පෙන්වා දුන් පරිදි මෙම ගිණුම්වල ඇමරිකානු ඩොලර් මිලියන 58.3ක් පමණ මුදල් තැන්පත් කර තිබේ.
එසේම මෙරට වැඩිම මුදලක ආයෝජනය ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 10.7ක මුදලක් ඇති බව ඔවුන්ගේ වාර්තා පෙන්වා දෙයි.
මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී මෙරට පුදගලයන් සතු ස්විස් බැංකු ගිණුම් පිළිබඳ පරීක්ෂණයක් සිදු කරන බව පවසා තිබුණි.
සබැඳි පුවත්