මාර්ග තදබදය අවම කරන්න නීති 05 ක්

Published in පුවත්
Friday, 24 April 2015 11:30

රට පුරා මාර්ගවල පවතින මාර්ග තදබදය අවම කිරීමට ඉදිරියේදී නව ක්‍රමවේදයක් හඳුන්වාදෙන බව මහජන නීතිය හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ටී.එම්.කේ.බී. තෙන්නකෝන් මහතා පැවසුවේය.

මේ අනුව බස්රථ, ලොරි රථ, ත්‍රිරෝද රථ යතුරු පැදි වම් පැත්තේ මං තීරුවෙන් ධාවනය කළ යුතුය. මෙම නීතිය දැනට කොළඹ ප්‍රදේශය තුළ ක්‍රියාත්මකය.

ඊයේ (23දා) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ, ඉදිරි දින කිහිපය තුළ ලංකාව පුරාම මෙම නීතිය ඇතුළත්ව නව නීති පහක් ක්‍රියාත්මක කරන බවත්ය. මීට අමතරව එකම අවස්ථාවකදී වාහන දෙකක් ඉස්සර කළ නොහැකි බවත්, මීට අමතරව වම් පැත්තෙන් වාහන ඉස්සර කළ නොහැකි බවද ඔහු පවසා සිටියේය.

මාර්ගය අවට වාහන නවතා තැබීමේදී කිසිදු මංතීරුවක් අවහිර කළ නොහැකි බවත්, මගී බස්රථ මගීන් බැස්සවීමට සහ බස්රථය ගොඩකර ගැනීමට බස්රථ නැවත්විය හැක්කේ බස් නැවතුම්පොළ තුළ පමණක් බවද ඔහු සඳහන් කළේය.

මෙම නීති 05 ඇතුළත් කාඩ්පතක් සෑම රියදුරෙකුටම ඉදිරියේදී ලබාදීමට නියමිතය. මෙම නීති උල්ලංඝනය කරන්නන්ට එක් නීතියකට රුපියල් 500 ක දඩයක් නියම කිරීමටත් සැලසුම් කර තිබෙන බවද ලේකම්වරයා සඳහන් කළේය. මීට අමතරව එක් වරදකට ලකුණු 04 ක් අඩුකිරීමටද නියමිත බව පැවසුවේය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us