රාජපක්ෂලාගෙන් බේරුනු මාධ්‍යවේදීන්ව යහපාලනයෙන් බේරගන්න බෑ කියලා Featured

Published in පුවත්
Sunday, 26 April 2015 16:50

රාජපක්ෂවරුන් වෙතින් ජීවිත තර්ජනයට මුහුණ පා සිටියදී ජිවිත ආරක්ෂාව සඳහා නේපාලයට පලාගොස් එහිදී දේශපාලන රැකවරණ ලබාගෙන සිටි ශ්‍රී ලාංකීය මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුගේ ජීවිත නේපාලයේ වූ භූ කම්පනය හේතුවෙන් අනතුරට ලක්ව ඇත.

'පතුල' වෙබ් අඩවියේ කර්තෘ ජයම්පති බුලත්සිංහල මහතා හා 'ලංකා නිව්ස් වෙබ්' අඩවියේ නියෝජ්‍ය කර්තෘ ලෙස කටයුතු කරන කුමී විජේවර්ධන මහත්මියත්, ගවේශනාත්මක මාධ්‍යවේදී ශාන්ත විජේසුරිය මහතාත් මෙසේ ජිවිත අවධානමට ලක්ව සිටිති.

නේපාලයේ ජිවත්වන ශ්‍රී ලාංකිකයින්ට අවශ්‍ය නම් නැවත ශ්‍රී ලංකාවට පැමිණිමට පහසුකම් සපයන බවට ජනාධිපති මාධ්‍ය අංශය ඊයේ දැනුම් දී සිටි අතර, ඒ අනුව සහනාධාර රැගෙන අද අළුයම ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගිය සී 130 දරන යානයෙන් අව්‍යශ නම් ඔවුන්ට ශ්‍රී ලංකාවට පැමිණිය හැකි බව ද අවධාරණය කර තිබිණ.

ඒ අනුව දේශපාලන රැකවරණ ලබාසිටින මාධ්‍යවේදීන් තිදෙනා ශ්‍රී ලංකාව ඒමට කත්මන්ඩු ගුවන් තොටුපලට පැමිණ ඇතත්, එම ගුවන් යානයෙන් ඔවුන් රැගෙන එම ප්‍රතික්ෂේප කර ඇත. ඒ, ඔවුන් දේශපාලන රැකවරණ ලබා දැනට වසර 03කට වැඩි අතර, ඔවුන්ගේ වීසා බලපත්‍ර කල් ඉකුත්ව ගොස් ඇතත් මේ වනවිට ඔවුන් සතුව  එක්සත් ජාතීන්ගේ කාර්යාල විසින් දේශපාලන රැකවරණය ලබා දී ඇති බවට ලබාදෙන බලපත්‍රයත් වලංගු විදේශ ගමන් බලපත්‍රයත්  ඇත.

දේශපාලන රැකවරණ ලබාදීමේදී එක්සත් ජාතීන්ගේ කාර්යාලය විසින් බලපත්‍රයක් පමණක් ලබාදෙන බවත්, එම කාර්යාලය ද මේ වනවිට විනාශවී ඇති බැවින් තාවකාලික වීසා බලපත්‍රයක් ලබාදෙන ලෙස මාධ්‍යවේදී ජයම්පති බුලත්සිංහල මහතා කල බැගෑපත් ඉල්ලීමට නේපාලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් යහපත් ප්‍රතිචාරයක් දක්වා නැත.


ඊයේ නේපාලයේ සිදුවූ භූ කම්පනයෙන් මේ වන විට පුද්ගලයින් 2000කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් ව තිබේ.

නේපාලයේ අදත් ප්‍රබල භූකම්පනයක් සිදුව ඇති අතර, අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසන්නේ, එම භූ කම්පනයේ ප්‍රබලත්වය මැග්නිටියුඩ් ඒකක 6.7ක් වන බව ය.

වරින් වර සිදුවන මෙම භූකම්පන හේතුවෙන් මෙම ලාංකීය මාධ්‍යවේදීන්ගේ ජිවිත අවධානම දැඩිවී ඇත.


නේපාලයේ සිටි 35ක් දිවයිනට :

කෙසේවුවද, නේපාලයේ සිටිනා ශ්‍රී ලාංකිකයන්ගෙන් 35 දෙනෙකු අද (26දා) සවස මෙරටට පැමිණිමට නියමිත බව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක වින්ග්කමාන්ඩර් ගිහාන් සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.

නේපාලයේ ජනතාවට සහන සැලසීමට මෙරටින් පිටත්ව ගිය ශ්‍රී ලාංකික කණ්ඩායම එරටට අද උදේ 10.30ට ඇතුල්වී තිබෙන බවත්, මෙම පිරිස රැගෙන ගිය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පී.130 යානයෙන් එරට රැඳී සිටින 35 දෙනෙකු රැගෙන එන බවද ඔහු පවසා සිටියේය.

Last modified on Monday, 27 April 2015 11:51

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us