උදයා නිදහස් නොකිරීම ‘යහපාලනය’ අවතක්සේරු කිරීමේ සැලසුමක් ද?

Sunday, 26 April 2015 10:04

තිරිසන් සතුන් වැරදි කරයි ද නොකරයි ද යන්න නිගමනය කළ නොහැක්කේ උන්ගේ ලෝකයේ කිසිඳු නිර්නායකයක් නොමැති බැවිනි. උන් හැසිරෙන්නේ උනුන්ට ම ආවේණික වූ ජිවන රටාවන් අනුව ය.

එහෙත් මනුසතා එසේ නොවේ. මිනිස් ජීවියා බිහි වූ දා සිට ක්‍රම ක්‍රමයෙන් සිය දැනුමු වර්ධනය කරගන්නා මනු සතා ‘‘මනුෂ්‍යයා’’ යනුවෙන් අර්ථකතනය කෙරෙන්නේ තිරිසන් සතකුට වඩා මනුසතා ගේ මනස උසස් බැවිනි. ඒ උසස් බව හේතුකොට ගෙන ම මිනිසා වෙනුවෙන් (එක් රටවල්වල වෙසෙන්නන්ට, එක් එක් ජාතිකයන්ට, එක් එක් කුලවලට, එක් එක් ආගම්වලට වෙන් වෙන් වශයෙන් වුව ද) වෙනම නීති පද්ධතියක්, අයිතිවාසිකම් පද්ධතියක්, ජීවන රටා පද්ධතියක්,, ඇඳුම් පැලඳුම් පද්ධතියක්, ආහාර පද්ධති සම්මත කර තිබෙන්නේ ද එහෙයිනි. එය මේ වන විට ජාත්‍යන්තර පිළිගැනීමට ලක්ව ඇත. මානුෂික අයිතිවාසිකම් උල්ලංඝනය කරන පුද්ගලයන්ට එරෙහිව දඬුවම් පමුණුවන්නට පවා නීති රීති සම්මත කොට ඇත.

මනස කෙතරම් උසස් වුව ද, කෙතරම් නීතිරීති පැනවුව ද මනුසත්වයෝ වැරදි කරති. ඇතැම් මනුසත්වයෝ අතින් වැරදි සිදුවෙති. වැරදි යැයි සම්මත යම් ක්‍රියාවක් කළ පුද්ගලයා හෝ කණ්ඩායම එය කළේ අදාළ ක්‍රියාව වැරදි යැයි දැන දැන ම නම් ඔවුන් දඬුවමට භාජනය කළ යුතු ය. එසේ වුව ද ඇතැම් අවස්ථාවල දී සානුකම්මපිත හේතු මත එවන් පුද්ගලයෝ සහ කණ්ඩාම් වෙත වුව ද සමාව ප්‍රදානය කර ඇති අවස්ථා මෙරටින් මතු නොව විදෙස් රටවල්වලින් ද වාර්තා වී ඇත. ඇතැම් විට එය තත්තකාලීන දේශපාලන උපක්‍රම විය හැකි ය. එසේත් නැතිනම් අදාළ පුද්ගලයාගේ පෙර ජීවන රටාව සලකා බලා විය හැකි ය. කෙසේ වෙතත් දඬුවමකට ලක් වූවකු වෙත සමාව ප්‍රදානය කළ හැකිවන්නේ අදාළ රටේ ප්‍රධාන පුරවැසියාගේ නියෝගයකට අනුව ය.

මේ ආකාරයෙන් සැබැවින් ම හිතාමතා වැරදි කළ පුද්ගලයකුට හෝ කණ්ඩායමකට නිදහස ප්‍රදානය කළ හැකි නම් වරදක් යැයි සම්මත ක්‍රියාවක් එය වරදක් බව නොදැන කළ පුද්ගලයකුට හෝ කණ්ඩායමකට සමාව ප්‍රදානය කිරීම එතරම් අපහසු, ආන්දෝලනයකට ලක්විය යුතු, දෝෂාරෝපණයට ලක්විය යුතු කරුණක් නොවේ. ඒ සඳහා අන්තවාදී නොවන ඕනැම පුද්ගලයකු ගේ/කණ්ඩායමක ගේ කැමැත්ත ප්‍රකාශ වනු නියත ය.

පසුගිය පෙබරවාරි 14 වන දින සීගිරි සිරි නරඹමින් සිටිය දී සිය මිතුරකුගේ/හිතවතකුගේ/පෙම්වතාගේ නම කැටපත්පවුරේ සටහන් කළ මඩකලපුව ප්‍රදේශයේ පදිංචි සින්නතම්බි උදයා නමැති තරුණිය කළේ වරදකි. එම වරදේ ස්වභාවය අනුව හිමි දඬුවම ඇයට උරුම විය. එහෙත් ඇගේ තරාතිරම නොසලකා දඬුවම් ලබා දුන්නා මෙන්ම ලංකාවේ වෙසෙන ජනතාව පමණක් නොව විදෙස් රටවල්වල වෙසෙන ශ්‍රි ලාංකිකයෝ පවා ඇය’තින් සිදු වු වරදට සමාව දෙන්නැයි රජයෙන්, පුරා විද්‍යා නිලධාරීන්ගෙන් සහ නීතිය බාර බලධාරීන්ගෙන් ඉල්ලා සිටියහ. එය සාධනීය ලක්ෂණයකි; මනුෂ්‍යයන් වශයෙන් ඒ මොහොතේ කළ යුතු යුතුකමකි. මනුෂ්‍යයන් වශයෙන් කළ යුතුව තිබු ඒ යුතුකම නොපිරිහෙලා ඉටුකිරීමෙන් ඉක්බිති ඒ පිළිබඳ අවධානය යොමු කළ මෙරට ප්‍රධාන පුරවැසියා සහ සේනාධිනායකයා වන ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ගේ නියෝගයට අනුව අනෙක් සියලු පාර්ශවවල එකඟත්වයෙන්: එනම්, ගරු අධිකරණ ඇමති, නීති බලධාරීන් සහ පුරාවිද්‍යා නිලධාරින් ගේ එකඟත්වයෙන් සින්නතම්බි උදයාට ජනාධිපති සමාවක් ප්‍රදානය කොට ඇය නිදහස් කිරීමට තීරණය කෙරෙණි.

අදාළ තීන්දු තිරණවලට අනුව ඇය නිදහස් කිරිමට තීරණය කළ බවට මාධ්‍යය වාර්තා පළවූයේ අප්‍රියෙල් 02 වන දින දින යි. එහෙත් දින දහයකට පමණ පසු මාධ්‍යයවල පළ වූයේ ඇය ඒ වන විටත් සිරදඬුවම් විඳිමින් සිටින බවයි. ඒ අවස්ථාවේ අදාළ බන්ධනාගාරයේ උසස් නිලධාරියෙක් පවසා තිබුණේ උදයා නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කර තිබුණ ද ඒ සම්බන්ධයෙන් අවශ්‍යය ලිඛිත නියෝගයක් තමන් වෙත නොලැබි ඇති බව යි. මහජනයාගේ බදු මුදලින් වැටුප් ලබාගන්නා රජයේ නිලධාරියකුට එසේ පවසා තමන්ගේ ඇඟබේරා ගැනීමට නොහැකි ය. තමන් යටතේ සිටින සිරකාරියකට රටේ ජනාධිපතිතුමා සමාව ප්‍රදානය කළ මොහොතේ ම අදාළ බලධාරියා ඒ සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ය. එක් අතකින් මෙය රටේ නායකයාගේ නියෝගයකි. අනෙක සිරදඬුවම් විඳින තැනැත්තිය නඩත්තු කළ යුත්තේ ද මහජන මුදලිනි. එහෙත් මේ නිලධාරින් සහ වගකිවයුත්තන් ඒ සම්බන්දයෙන් අබැටක තරම් හෝ අවධානය යොමු කොට නොමැත. එය දැන දැන කළ වරදක් නොවන්නේ ද? ඔවුන් දඬුවමට ලක් කළ යුතු නොවන්නේ ද?

පළමු වතාවට උදයා නිදහස් කර නොමැති බව දැනගත් මොහොතේ සිට මේ දක්වා වුව ද වගකිව යුතු නිලධාරීන් සහ බලධාරින් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කොට නොමැති බව යළිත් ඊයේ දිනයේ වාර්තා විය. මාධ්‍යය විසින් මේ සම්බන්ධයෙන් ගරු බන්ධනාගාර කොමසාරිස්තුමාගෙන් විමසා සිටි මොහොතේ එතුමා ප්‍රකාශ කර ඇත්තේ උදයා වෙනුවෙන් ඇපෑලක් ගොනු කර ඇති බැවින් එය ඉවත් කරගන්නා තුරු ජනාධිපතිතුමාගේ නියෝගය ක්‍රියාත්මක කළ නොනාහැකි බවයි. එසේ නම් මේ සම්බන්ධයෙන් වගකිව යුත්තේ කවුද?

උදයාගේ සමාජ පසුබිම පිළිබඳ විමසා බැලීමේ දී මෙවැනි කාරණා සම්බන්ධයෙන් මැදිහත් වීමට තරම් දැනුමක් ඔවුන් සතුව නොමැති බව වෙසෙසින් සඳහන් කළ යුතු නොවේ. මහජන මුදලින් වැටුප් ලබන නිලධාරීන්ගේ වගකීම වන්නේ අදාළ කරුණු සම්බන්දයෙන් උදයාගේ දෙමාපියන් වැඩිහිටියන් දැනුවත් කොට හැකි ඉක්මනින් නිදහස් කර හැරීම ය. එහෙත් ස්ත්‍රි දූෂකයෝ, මංකොල්කරුවෝ, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ රාත්‍රි ඔවුන්ගේ නිවෙස්වලට ගෙන ගොස්, සාජ්ජවලට සහභාගී කරවා, ඒ ඒ පුද්ගලයන්ගේ බිරින්දන් සමග සංවාසයේ යෙදීමට පවා ඉඩදී නැවත බන්ධනාගාරයට රැගෙන ආ යුගයක් තිබු රටක යහපාලනයක් ස්ථාපිත කිරීම සදහා අභිනවයෙන් පත්වූ රටේ සේනාධිනායකයාගේ නියෝග නොතකාහරිමින් සිටින්නේ කාගේ අවශ්‍යතාවක් සැපිරීමේ වුවමනාවෙන් ද යන්න විමසා බැලිය යුතු ය.

මෙය යහපාලනය අවතක්සේරුවට ලක් කිරීමකි. පරාජයට පත්ව නිවසට ගිය සේනාධිනායකයා එකල රාජ්‍ය නිලධාරින් අමතා පරුෂ වචනයෙන් බැන වැදුණ සැණින් බියෙන් වෙව්ලා ගොස් තකහනියේ ම අදාළ බලපැමට අනුව කටයුතු කළ රටේ රාජ්‍ය නිලධාරීහු නීත්‍යානුකූලව කළ නියෝග නොතකා හරින්නට තරම් මුග්ධ වී ඇත. මෙය රටේ අනාගත පැවැතමට බරපතල තර්ජනයකි. මහින්ද රාජපක්ෂ නමැති ජනාධිපතිවරයා පරාජය වුව ද ඔහුගේ අදිසි බලවේග තවමත් රාජ්‍යය අයතන තුළ ක්‍රියාත්මක වෙමින් පවතී. එකී බලවේග ක්‍රියාත්මක වන්නේ යහපාලනය ස්ථාපිත කිරීමට නොව එය කඩාකප්පල් කිරීම සඳහා ය. දැන් කළ යුත්තේ උදයා නිදහස් කිරීම සඳහා ගරු ජනාධිපතිතුමා කළ නියෝගය නොතකා හරිමින් කටයුතු කළ නිලධාරියා හෝ නිලධාරියෝ කවුදැයි සොයා බලා වහාම ඔවුන්ගෙන් ප්‍රශ්න කර අදාළ නියෝගය ක්‍රියාත්මක කරවීම ය. එසේ නොවුන හොත් යහපාලනය යන්න වාචික වදනකට පමණක් සහ ලිඛිත වදනකට පමණක් සීමා වී එය ප්‍රායෝගිකත්වයට පත්කළ නොහැකි වනු ඇත. එවිට බයියන්ට රජමගුල් බව ද ගරු ජනාධිපතිතුමා සහ ආණ්ඩුවේ අනෙකුත් බලධාරීන් සිහිතබාගත යුතු ය.

ජයසිරි අලවත්ත This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Leave a comment

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

Connet With Us