මහජන ඡන්දයෙන් උතුරු පළාත් සභාවේ බලය ලබාගත් දෙමළ ජාතික සන්ධානය ඒ සදහා තමන්ට ඡන්දය දුන් ජනතාව දැන් අමතක කර ඇති බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි. කෙසේවෙතත් තමන් රටේ සෙසු ප‍්‍රදේශවල ජනතාවට මෙන්ම උතුරේ ජනතාවටද ගෞරවයෙන් සලකන බව ඊයේ (28)පැවති ජනරැළියකදී ජනාධිපතිවරයා අවධාරණය කළේය.
වතුකරයේ ජනතාවට ස්ථීර නිවසක් ලබාදෙන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කළේය.

එක්සත් ජාතික පක්‍ෂයේ හිටපුසභාපතිවරයකු මෙන්ම පක්‍ෂයේ ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ අති සමීපතමයකු ලෙස සැලකෙන මලික් සමරවික්‍රම මහතා පෙරේදා (27දා) දිනයේදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ විනාඩි 20ක පමණ දුරකතන සාකච්ඡාවක් පවත්වා විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයා වන මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ඡන්ද ව්‍යාපාරයේ බොහෝ රහස් ජනාධිපතිවරයා වෙත හෙළිකොට ඇති බව දැනගන්නට තිබෙන බව රාජපක්ෂ පවුල් ආණ්ඩුව ආරක්ෂා කිරීම වෙනුවෙන් කැපවී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස්ගේ මව්බිම පුවත්පත වාර්තා කර තිබේ.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රකාශය ලෙස එළිදැක්වීමට තිබූ 'තුන්කල් දැක්ම'ට සිදුවූ දෙයක් නොමැති බවත් තුන්කල් දැක්ම නිර්මාණය කළ පුද්ගලයා අභ්‍යන්තර අර්බුද නිසා මැතිවරණ වේදිකාවෙන් පවා අතුරුදන් වී ඇති බවත් විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා පැවැසුවේය.

ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ තමන්ගේ ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් කුඩා පාසල් දරුවන්ද රවටමින් සිටී. මේ සමඟ වන ඡායාරූපයෙන් දැක්වෙන්නේ කුඩා පාසල් දරුවන් වෙත මේ වන විට බෙදාහරිමින් තිබෙන පාසල් ගමන් මල්ලකි.

ආණ්ඩුකාරවරුන්, රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු රාජ්‍ය සේවකයන් ප්‍රසිද්ධියේම මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට සම්බන්ධ වෙමින් සිටීම ඉතා අවාසනාවන්ත තත්වයක් බව මැතිවරණ නිරීක්ෂකයෝ පවසති.

එළඹෙන ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු යළිත් වතාවක් ආණ්ඩුව සමග සාකච්ඡා කිරීමට අවකාශයක් පවතින බව විපක්ෂයට එක් වූ මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් පවසයි.

අද (28)මීට මොහොතකය පෙර අනුරාධපුර, රාජාංගන ප්‍රදේශයේ නාමල් රාජපක්ෂගේ නිල්බලකායේ ‍බැටෑලියන් එක ඡන්ද ප්‍රචාරක කටයුතුවල නිරතව සිටීයේය. මේ එම කටයුතු අතරේදී ගත් ගත් ඡායාරූපයකි .

worky

worky1

ld add copy

Connet With Us